CSS Drop Down Menu

Monday, July 16, 2018

හරියටම හරියන්න පොල් ගහන්නේ කොහොමද

හරියටම හරියන්න
පොල් ගහන්නේ කොහොමද ?
පොල් ගැහීම හරි ජනප්‍රියයි. සමහරු පොඩි දේටත් පොල් ගහනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළත් පොල් ගැහීම ජනප්‍රියයි. තමන් කැමති අය දිනවන්න, අකමැති අය පරාද කරන්න, සතුරන් ට දඬුවම් දෙන්න, බලාපොරොත්තු ඉෂ්ටකරගන්න, නඩු දිනන්න, රවට්ටලා ගිය අයට පාඩම් උගන්නන්න, දාලා ගිය අය ආපහු ගෙන්වා ගන්න පොල් ගහනවා. ඔය විදියට පොල් ගැහුවට බලාපොරොත්තු වෙන දේ ඒ විදියටම වෙනවද? එහෙම වෙන අවස්ථාත් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට අසාර්ථකයි. මෙහෙම වෙන්නෙ ඇයි? මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව නිවැරදිව පොල් ගහන්නේ කොහොමද කියලා බලමු.
පොල් ගහන්න සුදුසුම දවස් දෙක තමයි අඟහරුවාදා සහ සිකුරාදා. හොඳ වැඩ වලට පොල් ගහන ක්‍රමයයි නරක වැඩ වලට පොල් ගහන ක්‍රමයයි වෙනස්. හොඳ වැඩ කියන්නේ විභාග සමත් වෙන්න, රැකියා ලබාගන්න, ජයග්‍රහණය උදාකරගන්න, පවුලේ සමගිය ඇතිකරගන්න වගේ දේවල්. නරක වැඩ කියන්නේ සතුරන්ට දඬුවම් කිරීම, භේද භින්න කිරීම, වෙන් කිරීම, පරාජයට පත්කිරීම වගේ දේවල්.
හොඳ වැඩ වලට පොල් ගහන්නෙ විෂ්ණු, පත්තිනි, කතරගම, සමන්, විභීෂණ, ඊශ්වර ආදී දෙවියන් ඉදිරියේ යි. නරක වැඩ වලට පොල් ගහන්නේ කාලි, දුර්ගා, කඩවර, සූනියන්, දෙවොල් ආදී දෙවි දේවතාවුන් ඉදිරියේ යි.
පොල් ගැහීමේදී පොල් ගෙඩිය අතින් ගිලිහී යන ලෙස පොල් ගැහීම නිවැරදි ක්‍රමය නෙමෙයි. පොල් ගෙඩිය අතින් ගිලිහෙද්දී ශරීරයයි පොල් ගෙඩියයි අතර ආකර්ෂණ ශක්තිය බිඳ වැටෙනවා. පොල් ගෙඩිය අතේ තබාගෙනම ගැසීම නිවැරදි ක්‍රමයයි. ඒ වගේම මතක තබා ගත යුතු තවත් විශේෂ කාරණයක් තියෙනවා. හොඳ වැඩ වලට දකුණු අතිනුත් නරක වැඩ වලට වම් අතිනුත් පොල් ගැසිය යුතුයි.
යහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී පොල් ගෙඩියේ මුඩ්ඩ ඉවත් නොකර ගෙඩිය කහ දියෙන් සෝදා ගත යුතුයි. පොල් ගසන ස්ථානයේ ඊශාන දිශාවෙන් අබ තෙල් පහනක් දැල්විය යුතුයි. පොල් ගෙඩිය මත කපුරු පෙත්තක් දල්වා, තම අදහස දෙවියන් ඉදිරියේ පවසා, එය ඉටුකර දෙනමෙන් ඉල්ලා දකුණු අතින් පොල් ගෙඩිය ගැසිය යුතුයි. පොල් ගැසීමට පෙර පලතුරු පස් වර්ගයක් සමග පූජා වට්ටියක් දෙවියන්ට පිදිය යුතුයි.
අයහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී ගෙඩියේ මුඩ්ඩ ඉවත් කළ යුතුයි. දුර්ගා දේවි, සොහොන් කාලි, ගිනි කාලි, යම කාලි, ලේ කාලි වැනි දෙවඟනක් ඉදිරියේ පොල් ගැසීම වඩාත් සාර්ථක වේ. මේ සඳහා කුජ හෝරාව යොදා ගැනීමද වඩාත් යහපත් ය. මෙහිදී අමු පලතුරු වර්ග පහක් සහිත පූජා වට්ටියක් තැබිය යුතුයි. අමු ඇඹරැල්ල, අමු නෙල්ලි, අමු අන්නාසි, අමු අඹ, අමු නාරං ආදිය මේ සඳහා සුදුසුයි. දෙහි ගෙඩි තුනක් ගෙන ඒවා දෙකට කපා දෙහි බෑ පහක් ගෙන ඒවා අනිත් පිට හරවා ඒ මතට තෙල් යොදා කපු පුළුන් වැටි යොදා දැල්විය යුතුයි. දෙහි ගෙඩි හතක මාලයක්ද සාදා දෙවියන් ඉදිරියේ තැබිය යුතුයි. සතුරාගේ නමේ අකුරු දෙකෙන් බෙදීමට හැකි ලෙස ගළපා පොල් ගෙඩිය මත කුකුල් ලෙයින් ලිවිය යුතුයි.
මෙහිදී හෙළි කළ නොහැකි රහසක්ද තිබෙනවා. පොල් ගෙඩියේ ඇහි තුන විශේෂ ඖෂධ සංයෝගයකින් කළු කර ගතයුතුයි. ඖෂධ සංයෝගය කාලි ස්තොත්‍රයකින් ජීවම් කරගෙන එයින් තේ හැන්දක් කොහොඹ තෙල් පහනකට දමා එහි දැල්ලට ඇහි තුන අල්ලා කළු කර ගත යුතුයි.
අහවල් පුස්කොළ පොතින් හම්බ වුණා, පරම්පරාවෙ පොතක තිබුණා ආදී වශයෙන් නොයෙක් බොරු කියමින් ජනතාව මුලා කරන ව්‍යාජ මන්ත්‍ර කරුවන් ගහක් ගලක් ගානේ සිටින බැවින් ඇතැම් කරුණු හෙළි නොකරන බවත්, අත්‍යවශ්‍ය කාරණයකදී යම් කෙනෙකුට අවශ්‍යනම් පෞද්ගලිකව අසා දැනගත හැකි බවත් දන්වමි.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
මහේෂ් චතුරංග

ඉවරයක් නැතුව කරදර කරන සතුරො ඉන්නවා නම් කඩවර දෙවියන් ගෙන් පිහිට ඉල්ලන්න

ඉවරයක් නැතුව කරදර කරන සතුරො ඉන්නවා නම්
කඩවර දෙවියන් ගෙන් පිහිට ඉල්ලන්න.
සතුරු කරදර හේතුවෙන් දුකින් කල් ගෙවන අය මොන තරම් ඉන්නවද... කියන්න කෙනෙක් නැතුව, කරගන්න දෙයක් නැතුව ඉවසගෙන ඉන්න අය වගේම සතුරන් සමග ගැටෙන්න ගිහින් කරදර වැඩි කරගන්න අයත් ඉන්නවා. කොහොම වුණත් කපාගන්න,කොටාගන්න, වෙඩි තියාගන්න, බෝම්බ ගහගන්න යන්නෙ නැතුව දෙවියන් ගෙන් පිහිටක් ඉල්ලන එකේ වරදක් නෑ. කෙනෙක් ගේ දියුණුව සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි අය සමාජයේ ඕනැ තරම් ඉන්නවා.කෙනෙකුට නින්දා අපහාස කරලා සතුටු වෙන අයත් අනන්ත ඉන්නවා. ධනය, බලය, දේශපාලන සහයෝගය පාවිච්චි කරලා නිදහසේ සතුරුකම් කරන අයට විරුද්ධව නැගී සිටීම ලේසි පහසු නෑ. මේ වගේ අවස්ථාවලදි දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් ඇතැමුන් දේවාල, ගුරුකම් කරන ස්ථාන ආදී තැන්වලට යනවා. අසරණ වුණු අයගේ මුදලට විදින පින්වත් මෑණිවරු, යෝගිවරු, හිමිවරු එහෙමත් අඩුවක් නැතුව ඉන්නවා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ, වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වගේ ඔන්න ඉතින් දුකට පිහිටක් ඉල්ලන ගිය කෙනා තවත් අසරණ වෙනවා.
මේ කියන්න හදන්නේ අපේම දෙවි කෙනෙක් වූ කඩවර දෙවියන් ගෙන් පිහිට ලබාගන්නා ආකාරය යි. කඩවර දෙවියෙක් විදියට වගේම යක්ෂයෙක් විදියටත් හඳුන්වනවා. පුර පක්ෂයේදී දෙවියෙක් විදියටත් අව පක්ෂයේදී යක්ෂයෙක් විදියටත් පෙනී සිටින බව ඇතැම් දෙනා විශ්වාස කරනවා.කොහොම වුනත් කඩවර ගේ බලය ශක්තිය නම් බොහොම ඉහළ යි. ජිවත් වෙලා ඉන්න කාලෙදි යක්ෂ වැඩ කරන අය මරණින් පස්සෙත් බොහෝ වෙලාවට සැර පරුෂ බලපෑම් තමයි එල්ල කරන්නේ. අපේම රටේ රජරට පළාතේ ජිවත් වුණු කෙනෙක් තමයි කඩවර දෙවියො විදියට සැළකෙන්නේ. "සෙනෙවිරත්න කඩවර දෙවි හාමුදුරුවෝ " යන නාමයෙන් කඩවර යාතිකාවේ සඳහන් වෙනවා.
කඩවර කලා වැවේ ආරක්ෂකයෙක් විදියට කටයුතු කළ අයෙක් බව ට සැළකෙනවා. කලා වැවේ ජල මට්ටම දැන ගැනීම සඳහා මැටි භාජනයක් තබා තිබුණු බවත්, පිරිත් දේශනාවකට වැඩම කළ සංඝයා වහන්සේ නමක ගේ කුඩයක් වැදීම හේතුවෙන් එම භාජනය සිදුරු වූ බවත්, වැවේ ජලය උතුරා යන්නට පටන් ගත් විට කඩවර වැවට පැන දිවි නසාගත් බවත් ජනප්රවාදයේ සඳහන් වෙනවා. වෛරයෙන් මියගොස් බලවත් යක්ෂ ආත්මයක් ලබා ජනතාවට පිහිට වන බවට විශ්වාසයක් පවතිනවා. කඩවර භික්ෂූන් වහන්සේලා සමග ඇයි හොඳයියක් නැති දෙවි කෙනෙක් විදියට සැළකෙන්නෙත් ඔන්න ඔය හින්දයි.
ගම්මඩු, ගිනි මඩු,තොවිල්, ශාන්ති කර්ම ආදී කොයි කටයුත්තක දී වූවද කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව පිරිනැමීමට ඇඳුරන් අමතක කරන්නේ නෑ. එහෙමනම් කඩවර දෙවියෝ එසේ මෙසේ කෙනෙක් නොවන බව පැහැදිලියි. කඩවර දෙවියන්ගේ බලවත්කම පහත කාවින්ද පැහැදිලි වෙනවා.
මහ මුහුදේ රළ නවතා වෙරළ දිගට වැඩමවන්ඩ
අලුයම සත් පැයක් තියා කඩවර දෙවි වැඩමවන්ඩ
රන් කෙඳි ගෙතුවා විලසට හැඩ පළු පිට මැද හෙලන්ඩ
කන්ද සාමිට වත් බැරිය ගොටුව නොදී වළක්වන්ඩ
කඩවර දෙවියො හොඳට හොඳයි නරකට නරකයි. කඩවර ට පුද පූජා තියන කොට කලට වේලාවට වරද්දන්නෙ නැතුව තියන්න ඕනෑ. කඩවර දෙවියන්ට දිය යුතු දේවල් කලට වේලාවට දෙනවා නම් කඩවර දෙවියන්ගෙ පිහිටත් නූලට තිතට ලැබෙනවා.

කඩවර කන්නලව්ව.

කඩවර කන්නලව්ව.
" පස්වාන් දහසකට තෙද වරම් බල වරම් අණ වරම් ඇති සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස, රාහුලු දාහක් ලෝහුලු දාහක් ද නිමෙනා අතර තුරේදී කතරගම කන්දස්වාමින් වහන්සේ කැටුව මුහුදු කරදිය වළල්ලේ සත් වාරයක් ගමන් කරමින් ඇසුර භවනයට වැඩ අසුරයන් සමග යුධ කොට දිනා සූර්ය මණ්ඩලය උණු කරවා කතරගම අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ මුරතේවේ වැඩ වසන සෙනෙවිරත්න කඩවර හාමුදුරුවනේ, මාගේ පුද පූජා බලා ඒ කෙරේ බැල්ම ලා මාගේ අභිමතාර්ථ ඉෂ්ඨ කර දෙන්ටත් මා කීවා අසන්ටත් මා කීවා කරන්ටත් කතරගම කන්දස්වාමි වහන්සේගෙන් වරම්.තවද ලංකාවේ අග්‍රරාජධානිය කොට දෙවිවරුන්ට අයත් ලෝක එක්දහස් අටක් පාලනය කොට පද්මාසුර නම් අසුර රාජාධිරාජයාගේ මහ සෙනෙවි පදවිය දරා ප්‍රකටව සිටින ඔබ වහන්සේට කරන කන්නලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා ගැත්තන් ගේ සකල දෝෂාන්ධකාරය දුරුවන් කර දී පිනට පිහිට වෙනවයි. සිය වැරදි දහස් වැරදි තිබුණත් කමා කරනවයි.සතුරන් මැඩ ගැත්තන්ට සෙත සලසනවයි.ඔබ කීර්ති පස්වාන් දහසකට ආයු බෝ වේවා.

ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම

ශ්‍රී විෂ්ණු දෙවියන් ශ්‍රී ලංකා දීපයත් සම්බුද්ධ ශාසනයත් සුරකින උතුම් දෙවි කෙනෙක් ලෙස සැලකෙන අතර ජනීජනයා අතර ඉමහත් භක්ත්‍යාදරයට පාත්‍ර වී ඇත. විෂ්ණු දෙවියන් තද නිල් පැහැ ශරීරයකින් යුක්ත වන අතර අත් සතරක්කින් නෙළුම් මලක්, කෞමදී යගධාව , ශංඛය හා සුදර්ශන නම් චක්‍රායුධය දරා සිටියි. හින්දූන් විසින් මහත් භක්තියෙන් වැදුම් පිදුම් කරන්නාවූ විෂ්ණු දෙවියන් හින්දු දහමට අනුව උසස්ම තත්වයේ ලා සලකන ත්‍රී මූර්තියේ දෙවි කෙනෙකි.
භගවත්ගීතාවට අනුව විෂ්ණු යනු මුළු විශ්වයම වන අතර සාමාන්‍ය මනුෂ්‍ය ඇසට හා ඥාණයට හසුනොවන මානයේ පවතී. රාම, ක්‍රිෂ්ණා, වරාහ, නරසිංහ වැනි ආකාර වලින් අවතාර දහයකින් යුතුව විෂ්ණු දෙවියන් විවිධ අවස්ථාවල ලොව පහල වූ අතර. ලෝකයේ ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාකරයි.
ශාන්තිය ද , කරුණාව ද, දයාව ද, සකල ඓශ්චර්‍යය හා ස්ර්ව සෞභාග්‍යය දානය කරන උතුම් දෙවි කෙනෙකු ලෙස ඇදහෙන බැවින් ශාන්ති කර්ම වලදී මෙන්ම වෙනත් සුභ කටයුතු වලදී විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කොට පුදපූජා පවත්වා කන්නලව් කොට ශාන්තිය අයැද සිටින අයුරු දැකගත හැකිවෙයි. දැහැමි යහපත් මිනිසුන්ට විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම ලබාගෙන තම ජීවිතය ආලෝකමත් කරගැනීමට හැකිය
ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම
යහපත් ජීවිතයක් ගතකරමින් ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීමෙන් විෂ්ණු දෙවියන්ගේ අශිර්වාදය ලැබී සතුට සැපත සෞභාග්‍ය උදාවේ. දියුණුවට ඇති බාධා ඉවත්වේ.
දාන ශීල භාවනා දී පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙමින් ක්‍රියාවෙන් වචනයෙන් මෙන්ම මනසින් යහපත් දේ කරමින්,කියමින්, දකිමින් දිවි ගෙවීමද. ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව වැනි සිතුවිලිවලින් සිත නිදහස්කොට ගෙන දයාව,කරුණාව,ආදරය වැනි යහපත් සිතුවිලිවලින් සිත පෝෂණය කරමින් යහපත් ලෙස ජීවත් වීමද දිව්‍ය කරුණාව සහ ආශීර්වාදය ලැබීමට හේතුවක්වේ.
ශ්‍රී විෂ්ණු නමස්කාරය
ශාන්තා කාරං භුජග ශයනං පද්මනාභං සුරෙෂං
විශ්වාධාරං ගගන සදුශං මේඝ වර්ණණං සුභාංගම්
ලක්ෂ්මි කාන්තං කමල නයනං යෝගි භිද්ධර්‍යායගම්‍යං
වන්දේ විෂ්ණු මම භය හරං සර්‍වලොකෛකනාථං
ශ්‍රී රාමං නවරත්න කුණ්ඩල ධරං ශ්‍රී රාමරක්ෂාමණිං
ශ්‍රී රාමං සහශ්‍ර භාණු සදුශං ශ්‍රී රාමචන්ද්‍රොදයම්
ශ්‍රී රාමස්තුති කීර්‍තති තමකුරුසදා ශ්‍රී රාම මුක්තිප්‍රද
ශ්‍රී රාම රඝු නන්දං භය හරං ශ්‍රී රාම වන්දෙභජෙ
පරම්ප රශ්මාත් ප්‍රකෘතෙර්තාදී
මෙකංනිවිෂ්ටං බහුධාගුභායම්
සර්‍වාලයං සර්‍වවරාචරස්ථං
නමාමි විෂ්ණුං ජගදෙකනාථම්
ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් දීම
සම්බුද්ධ සාසනවරං යතිපුඩ්ග වඤ්ච
සම්පාලනාය පටිලද්ධ වරොයසස්සි
පුඤ්ඤතාමාතා අනුමොදිය වාසුදෙවො
පාලෙතුමං සත්ත සාත හිතාවහනතු.
ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජාවක්.
පෝය දිනක පූජාසනය පවිත්ර කර විශ්ණු දේව ප්රතිමාවක් හෝ පින්තූරයක් තබා . සුවඳ දුම් පූජා කර එළඟි තෙල් පහනක් පූජා කර. රස කැවිලි පූජාකරන්න . කහමල් සහ සොයා ගත හැකිනම් තුල්සි පත්ර පූජා කරන්න…
ශ්‍රී විෂ්ණු 108 නාම පූජාව
ශ්‍රී විෂ්ණු දෙවියන් සදහා වන නම් 108 ක් යොදා ගනිමින් මෙම පූජාව සිදුකරනු ලබයි.
ස්තෝත්‍ර මන්ත්‍ර සහ ගාථා
විෂ්ණු මූල මන්ත්‍රය
“ඕම් නමෝ නාරායනාය”
විෂ්ණු දෙවියන් කෙරෙහි ධ්‍යාන වැඩීමට මෙම මන්ත්‍රය භාවිතා කල හැකිය. ශ්‍රී විෂ්ණු දෙවියන් කෙරෙහි සිත පිහිටුවා. භාවනා ඉරියව්වේ සිට මෙම මන්ත්‍රය උච්චාරනය කරමින් ධ්‍යාන වැඩීම සිදුකරන්න.
විෂ්ණු ගයත්‍රී මන්ත්‍රය
ඕම් නාරායනාය විද්මහේ
වාසුදේවාය දීමහී
තන්නෝ විෂ්ණු ප්‍රචෝදයාත්
යහපත් ලෙස ජීවත් වෙමින් මෙම ගයත්‍රී මන්ත්‍රය දිනපතා ගයනා කිරීමෙන් වැඩ කටයුතු සාර්ථක කර ගත හැකිය.
විෂ්ණු ලක්ෂ්මී දෙවිවරුන් වැඳ පින් අනුමෝදන් කර පහසු ඉරියව්වක (භාවනා ඉරියව්වක් වඩාත් සුදුසු වේ ) සිට ගායත්‍රී මන්ත්‍රය පවසන්න. ගීතයක් ලෙස ගායනා කිරීමට හැකිනම් එසේ කරන්න. සිත සහැල්ලුවෙන් තබා ගන්න. විෂ්ණු ලක්ෂ්මී දෙවිවරුන් කෙරෙහි සිත එකගව තබාගන්න බාහිර අරමුණු වල නොඇලෙන්න. බාහිර අරමුනක් සිතට පිවිසියහොත් ඒ ගැන තව දුරටත් සිතීමෙන් වලකින්න. ටික දිනක් කරන විට බාහිර අරමුණු පිවිසීම ලෙහෙසියෙන්ම පාලනය කරගැනීමට හැකිවේවි. ඔබට හැකි වාර ගනනක් මෙසේ කරන්න 108 වරක් කල හැකිනම් වඩාත් හොඳයි. නිරතුරුව ක්‍රියාවෙන් වචනයෙන් මෙන්ම සිතුවිලිවලින් යහපත් දේම කරන්න,කියන්න,දකින්න මනස පිරිසිදුව තබාගන්න ක්‍රෝධය,වෛරය ඊර්ෂ්‍යාව වැනි අයහපත් සිතුවිලි බැහැර කරන්න. ආදරය, කරුණාව, දයාව වැනි යහපත් සිතුවිලි ලඟා කරගන්න.
ශ්‍රී මධු සූදන ස්තෝත්‍රම්
ඔම් මිත්‍රිඥාන මාත්‍රෙණ රෝගාජිර්‍ණෙන නිර්ජිතඃ
කාලනිද්‍රාං ප්‍රපන්නොස්මිං ත්‍රාහිමාං මධුසූදන
නගතිර්‍වවිද්‍යතෙ චාන්‍යා ත්වමේව ශරණං මම
පාප පාපපඞේක නිමගෙනාසිමි ත්‍රාහිමාං මධුසූදන
මෝහිතෝ මෝහජාලේන පුත්‍රදාර ග්‍රහාදිෂූ
තෘස්ණයා පීඩ්‍යාමානොස්මි ත්‍රාහිමාං මධුසූදන
භක්ති හීනංච දීනංච දුඃඛ ශෝකාතුරං ප්‍රභො
අනාශ්‍රය මනායංච ත්‍රාහිමාං මධුසූදන
ගතාගතෙන ශාංතොස්මි දීර්‍ඝ සංසාර වර්‍තමසු
යේනභූයෝන ගච්ඡාමි ත්‍රාහිමාං මධුසූදන
බහවෝහිමයාදුෂ්ටා ක්ලෙශාශෛචව පෘතක් පෘතක්
ගර්‍යභවාසේ මහද්දුඃඛ ත්‍රාහිමාං මධුසූදන
තෙන දෙව ප්‍රසන්නොස්මි ත්‍රාණාර්ථං ත්වත්පරායණඃ
දුඃඛාර්‍ණව පරිත්‍රාණාත් ත්‍රාහිමාං මධුසූදන
වාචායත්‍ර ප්‍රතිඥාතං කර්‍මණානොපපාදිතම්
තත්පා පාර්ජිත මග්නොස්මි ත්‍රාහිමාං මධුසූදන
සුකෘතං නකෘතං කිඤචිද්දුෂ්කෘතං චකෘනංමයා
සංසාර ඝෝරෙ මග්නොස්මි ත්‍රාහිමාං මධුසූදන
දෙශාන්තර සහශ්‍රෙසු චානෝන්‍ය භ්‍රාමිතෝමයා
තීර්‍යකත්වං මානුෂත්වංච ත්‍රාහිමාං මධුසූදන
වාචයාමි යථො නමත්තඃ ප්‍රලයාමිතවං ග්‍රතං
ජරමරණ භිතොෂ්මී ත්‍රාහිමාං මධුසූදන
යත්‍ර යත්‍රච යාතොස්මි ස්ත්‍රීෂුවා පුරුෂෙසුච
තත්‍ර තත්‍රාචලඃ භක්ති ත්‍රාහිමාං මධුසූදන
ශ්‍රී විෂ්ණු ශත නාම ස්තෝත්‍රම්
ශ්‍රී විෂ්ණු දෙවියන්ට භාවිත නම් සියය පවින් වැලකී නිතර භාවිතයෙන් වාසනාව ලඟාකර ගැනීමට හැකිවේ. යාග හෝම කර ලැබෙන ඵලය ලැබේ.
ඕම් වාසුදේවං හෘෂී කේශං වාමනං ජලශායිනම්
ජනාර්දිනං හරිං කෘස්ණං ශ්‍රී වෘක්ෂං ගරුඩද්වජම්
වාරාහං පුණ්ඩරීකාක්ෂං නෘසීංහං නරකාන්තකම්
අව්‍යක්තං ශාශ්වතං විෂ්ණුං අනත්තම් මජමව්‍යයම්
නාරායනං ගදාධ්‍යක්ෂං ගොවින්දං කීර්‍තති භාජනං
ගෝවර්‍ධනොද්ධරං දෙවං භූධරං භුවනෙශ්වරම්
වෙත්තාරං යඥ පුරුෂං යඥෙශං යඥ වාහකම්
චක්‍රපාණිං ගදාපාණිං ශඩ්ඛ පාණිං නරොත්තමම්
වෛකුණ්ඨං දුෂ්ට දමනං භුගර්‍භං පීත වාසසම්
ත්‍රී වික්‍රමං ත්‍රිකාලඥං ත්‍රිමූර්‍තතිං නන්ද කෙශ්වරම්
රාමං රාමං හයග්‍රීවං භීමං රෞද්‍රං භචොදභවම්
ශ්‍රීපතිං ශ්‍රී ධරං ශ්‍රීශං මඞ්ගලම් මඞ්ගලායුධම්
දාමෝදරං දමොඃපේතං කෙශවං කෙශි සූදනං
වරෙණ්‍යං වරදං විෂ්ණු මානන්දං වසු දෙවජං
හිරණ්‍ය රේතසං දීප්තං පුරාණං පුරුෂොත්තමම්
සකලං නිස්කලං ශුද්ධං නිර්ගුණං ගුණශාස්වතම්
හිරණ්‍ය තනු සංකාශං සූර්යායුත සමප්‍රභම්
මෙඝ ශාමං චතුර්බාහුං කුසලං කමලෙක්ෂණම්
ජෝතිරූපමරූපංච ස්වරූපං රූප සංස්ථීතම්
සර්‍වඥං සර්‍වරූපස්ථං සර්‍වෙශං සර්‍වතෝමුඛම්
ඥානංකූටස්ථ මචලං ඥානදං පරමං ප්‍රභූං
යෝගිසං යොගනිස්ණාතං යෝගිනං යෝගරූපිතම්
ඊස්වරං සර්‍වභූතානං වන්දෙ භූතමයං ප්‍රභූං
ඉතිනාම ශතං දිව්‍යං වෛෂ්ණවං ඛලු පාපාපහම්
ශ්‍රී හරි ස්තෝත්‍රම්
මේ ස්තෝත්‍රය ඉගෙන නිතර භාවිතයෙන් විෂ්ණු දිව්‍ය රාජයාගේ කරුණාව ලැබීමත් මෝක්ෂ සම්පත්ති ප්‍රති ලාභයත් සිදුවන බව ප්‍රකාශවේ.
ජගජ්ජාපාලම් කචත්කණ්ඨ මාලම්
ශරච්චන්ද්‍රඵාලම් මහා දෛත්‍ය කාලම්
නමෝ නීල කායම් දුරාවාර මායම්
සුපද්මාසහායම් භජේහම් භජේහම්
සදාම්භෝධි වාසම් ගලත්පුෂ්පහාසම්
ජගත්සන්තිවාසම් ශතාදිත්‍ය භාසම්
ගදාචක්‍ර ශස්ත්‍රම් ලසත් පීත වස්ත්‍රම්
හසත්චාරුවක්‍රම් භජේහම් භජේහම්
රමාකණ්ඨහාරම් ශෘතීව්‍රරාතසාරම්
ජලාන්තර් විහාරම් ධරාභාරහාරම්
චිරානන්ද රූපම් මනෝඥ ස්වරූපම්
ධෘතානේක රූපම් භජේහම් භජේහම්
ජරාජන්ම හීනම් පරානන්ද පීනම්
සමාධාන ලීනම් සදෛවානවීතම්
ජගජ්ජන්ම හේතුම් සුරානීක කේතුම්
ත්‍රිලෝකෛක සේතුම් භජේහම් භජේහම්
කෘතාම්නායගානම් ඛගාධීශයානම්
විමුක්තේනිධානම් හරාරාදිමානම්
ස්වභක්තානුකූලම් ජගද්වෘක්ෂමූලම්
නිරස්තාර්තශූලම් භජේහම් භජේහම්
සමස්තාමරේශම් ද්විරේථාභ ක්ලේශම්
ජගද් බිම්බ ලේශම් හෘදාකාශ දේශම්
සදා දිව්‍ය දේහම් විමුක්තාඛිලේහම්
සුවෛකුණ්ඨගේහම් භජේහම් භජේහම්
සුරාලී බලිෂ්ටම් ත්‍රිලෝකීවරිෂ්ටම්
ගුරූණාම් ගරිෂ්ටම් ස්වරූපෛකනිෂ්ටම්
සදා යුද්ධ ධීරම් මහාවීර වීරම්
භවාම්භෝධිතීරම් භජේහම් භජේහම්
රමාවාම භාගම් තලානග්න නාගම්
කෘතාධීත යාගම් ගතාරාගරාගම්
මුනීන්ද්‍රේ සුගීතම් සුරෛ සම්පරීතම්
ගුණෞගෛරතීතම් භජේහම් භජේහම්
අච්‍යු තාෂ්ටකම්
අච්‍යුතම් කේශවම් රාම නාරායනම්,
ක්‍රිෂ්න දාමෝදරම් වසුදේවම් හරිම්,
ශ්‍රීධරම් මාධවම් ගෝපිකා වල්ලභම්,
ජානකි නායකම් රාමචන්ද්‍රම් භජේ
අච්‍යුතම් කේශවම් සත්‍යභාමාධවම්,
මාධවම් ශ්‍රීධරම් රාධිකා රාධිතම්,
ඉන්දිරා මන්දිරම් චේතසා සුන්දරම්,
දේවකී නන්දනම් නන්දජම් සම් භජෙ
විෂ්ණවේ ජිෂ්ණවේ සංඛිණේ චක්‍රිණේ
රුක්මණී රාගිණේ ජානකී ජානයේ,
වල්ලවි වල්ලභා යාර්චිතා යාත්මනෙ,
කම්ස විධ්වම්සිනේ වම්සිනේ තේ නමඃ.
ක්‍රිෂ්ණ ගෝවින්ද හේ රාම නාරයණ,
ශ්‍රී පතෙ වාසුදේවා ජිත ශ්‍රීනිධෙ,
අච්‍යුතානන්ත හෙ මාධවාධොක්ෂජා,
ද්‍රෞපදී රක්ශක, පතු මාම් සර්වදා
(ද්වාරකානායක ද්‍රෞපදී රක්ෂකා)
රක්ෂසා ක්ශෝබිතෝ සීතයා ශෝබිතෝ,
දන්ඩකාරන්‍ය භූ පුණ්‍යතා කාරණඃ ,
ලක්ෂ්මනේ නාන්විතෝ වානරේ සේවිතො,
ගස්ත්‍ය සම්පූජිතො රාඝවඃ පාතු මාම්.
ධෙනුකාරිෂ්ටකො නිෂ්ටකෘඩ්වෙෂිණාම්,
කේෂිහා කම්සහෘද්වංශිකා වාදකඃ,
පූතනා කොපකඃ සූරජා ඛෙලනො,
බාල ගෝපාලක පාතු මාම් සර්වදා
විද්‍යුදු ද්යොතවත් ප්‍රස්ඵුරඩ්වාසසම්,
ප්‍රොවෘධම් භෝදවත් ප්‍රොල්ලසඩ් විග්‍රහම්,
වන්‍යයා මාලයා ශෝභිතෝරස්තලම්,
ලොහින්තන්ග්‍රිඩ්වයම් වරීජාක්ශම් භජෙ.
කුඤ්ජිතෛඃ කුන්තලෛර් භ්‍රාජමානානම්,
රත්න මෞලිම් ලසත් කුණ්ඩලම් ගන්ඩයොඃ,
හාර කේයුරකම් කංකණ ප්‍රොජ්වලම්,
කින්කිනි මන්ජුල ශ්‍යාමලම් තම් භජෙ.

ශ්‍රී විෂ්ණු දෙවියන්

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාර ලොව පහළ වී ලෝ වැසියන් දුකින් මුදා ගත් අයුරු මෙසේ සඳහන් වේ. 

මත්ස්‍යාවතාරය
මුහුද ගොඩ ගැලූ විටෙක අතිදැවැන්ත මාළුවකුගේ වේෂය මවාගෙන අනතුරුව මහත් බල සම්පන්න නෞකාවක්‌ මවා මනු සහ සාමාජිකයන්ද සප්ත මහා සෘෂිහුද බේරාගෙන තිබේ.

කුර්මාවතාරය
ජල ගැල්මේදී නැති වූ අමෘතය මහා සාගරයේ ගිලෙමින් විශ්ව සවිය පෙන්වා ඇත.

වරාහාවතාරය
පොළව සමුදුර මත හෙළන්නට හැදූ හිරණ්‍යාක්‍ෂ බලවත් අසුරයා මරන්නට සූකර (ඌරු) අවතාරයක්‌ ගෙන දළෙන් ඇන මරා දැමූ අවතාරය මෙයවේ.

නරසිංහාවතාරය
සවස්‌කල මිනිස්‌ රූපය සිරුරේ අඩකද සිංහරූපය සිරුරේ අඩකද මවා ගනිමින් ලොවට විණ කරන්නා වූ හිරත්‍යකෂිසු නම් අසුරයා දමනය කිරීමට ඔහුගේ පුත් "ප්‍රහ්ලාද" කළ ඉල්ලීමෙන් ජීවිතක්‍ෂය කිරීම මෙය වේ.

වාමනාවතාරය
බලී නම් අසුරයා ශක්‌තියෙන් කළ බොහෝ වැරදි නිසා අසුරයා වෙත ගිය විෂ්ණු දෙවිඳු තමාට තමාගේ තුන් අඩියකින් වැසෙන බිම් ප්‍රමාණයක්‌ ඉල්ලා එය ලබාගෙන එක්‌ වරම යෝධ ශරීයෙන් මවා ගනිමින් විශ්වයම වසාලූයෙන් බලීට ඉතිරි වූයේ පාතාල ලෝකය පමණි.

පරශුරාමාවතාරය
පරශුරාම යනු පොරවක්‌ අතින් ගත් තැනැත්තා යන අර්ථයයි. ජමදශ්නි නම් බ්‍රාහ්මණයා සතු සියලු වස්‌තුව පැහැරගත් කාර්තිවීර්ය නම් රජුව පරශුරාම අවතාරයෙන් සිටි විෂ්ණු දෙවිඳුන් විසින් මරා දමන ලදී.

රාමාවතාරය
රාමා - රාවන පුවතේදී දැක්‌ වූ දක්‍ෂතා රාමාවතාරයෙන් කියවේ.

කෘෂ්ණාවතාරය
ශ්‍රී විෂ්ණු දෙවිඳු ශ්‍රී කෘෂ්ණයන් ලෙස ලොව පහළ වූ බවත් බටලී ගායනයට දක්‍ෂ වූ කෘෂ්ක හා පෙමින් බැඳුණේ රාධා බවත් කියෑවේ. ද්වාරතා රාජ්‍යය ගොඩනගා ඇත්තේද කෘෂ්ණ විසිනි.

බුද්ධාවතාරය
ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්‌ ලෙස බුදුරුවට වන්දනා මාන කිරීමට හින්දු භක්‌තිකයන් පෙළඹී ඇත. වර්තමානයේදී විෂ්ණු දෙවිඳු අදහන හින්දුවරු. බුදුන් වහන්සේගේ රුවද වැඳුම් පිදුම් සඳහා යොදා ගනී.

කල්කින් අවතාරය
කලියුගය අවසානයේදී සුදු අසෙකු අරා ගිනි දලු සහිත අසිපතක්‌ ගත් පුරුෂයකු ලෙස ශ්‍රී විෂ්ණු දෙවිඳු අධර්මිෂ්ඨයන් වනසා සාධු ජනයා සුරක්‍ෂිත කොට යළිත් ලොව ධර්මය පිහිටු වන බව මෙයින් කියෑවේ.

ශ්‍රී ලංකා ද්වීපයත් සම්බුද්ධ ශාසනයක්‌ සුරැකීමේ අති උදාර මෙහෙවරෙහි නියුතුව සිටින අප ශ්‍රී ලංකාද්වීපයේ මුර දේවතා ලෙස සැලකෙන ශ්‍රී විෂ්ණු දෙවියන්ට ඇත්තේ නිල්වන් සිරුරකි. සංඛයක්‌ චක්‍රයක්‌, ගධාවක්‌ ආයුධ ලෙස අත දරා ගුරුළු වාහනාරූඪව වැඩහිඳියි. කසාවන් වස්‌ත්‍රයකින්ද රක්‌තවර්ණ සළුවකින්ද සැරසී සියලු ස්‌වර්ණාභරණ පැළඳ සිටින අයුරු මෙසේ දැක්‌වේ.

ශංබාධර දක්‍ෂිණස්‌ථ වාම හස්‌ත චක්‍රම්
ගංගා ධර ප්‍රියංගනා හාතෘ දේව රාඥම්
ශාරීරික නීලංජන වර්ණජ්‍යෙdති වර්ණම්
පුණමාවිත විෂ්ණු දේව ශාන්ති දාන නිත්‍යම්

මෙවන් වූ මහා බලයක්‌ ඇති ශ්‍රී විෂ්ණු දෙවිඳුන් නැමැද ඔබටද උන්වහන්සේගේ පිහිට හා දේවාශිර්වාදය ලබා ගත හැකි අතර ඒ සඳහා ඔබ නිවසේදීම මල් පහන් සුවඳදුම් පූජාකර තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා බුදුන් වැඳ පිරිත් සCධායනා කර විෂ්ණු දෙවියන් උදෙසා නිල්මල් (නිල්කටරොළු - නිල්මානෙල්) ගිතෙල් හෝ රන්තැඹිලි තෙල් පහන්ද සුවඳදුම් හා පත්‍ර පූජාවක්‌ ලෙස මදුරුතලා කොළ පූජා කර 

විෂ්ණු ශ්‍රී සර්ව මංගල්‍යම් - යථා භූත නසංමිතේ
ගන්ධ දීපංච ධූපේන - විෂ්ණු දේවෝ නමෝවරං 

ඔබගේ කරදර බාධක ඉවත් කර සහනය ලබා දෙන ලෙස ඉල්ලා මෙම ස්‌තෝත්‍රය හත් වරක්‌ ගායනා කරන්න.

ප්‍රාතඃ ස්‌මරාම් එණිරාජතානෞ ශයානං
නාගාමරා සුර නරාදි ජගන්ති දානම්
වෙදෛඃ සහාම රඟණෛරූපගීයමානං
කාන්තාර කේත නවතාං පරමං නිධානම්

ප්‍රාතර්භජාමි භව සාගර වාරි පාරං
දේවාර්ෂි සිද්ධ නිවහෛර් විහිතෝපහාරං
සංදෘප්තදානවක දම්බ මදාපහාරං
සෞන්දර්ය රාශි ජල රාශි සුතා විහාරං

ප්‍රාතර් නමාමි ශරදම්බර කාන්ති කාන්තම
පදාරවින්ද මකරන්ද පුෂාං භාවාන්තම්
නානාවතාර භෘත භූමි භරං කෘතාන්තං
පාථෝපකම්බුරන පාදං කරං ප්‍රශාන්තම්

ශ්‍රී විෂ්ණු දේව කන්නලව්ව

මතු බුදුවන්නා වූ ශ්‍රී බුද්ධ බල ඇති ගුරුලාසනයෙහි වැඩ සිටින නීල වර්ණයෙන් බබළන්නා වූ මහා බලවත් ආයුධ සතරක්‌ ඇති දස අවාතාර ඇති ලංකා රක්‍ෂක සර්ව බලධාරී ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස,

මාහට ඇත්තා වූ අණ විණ, කොඩි විණ, හදි හූනියම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, ඇස්‌වහ, කටවහ, හෝවහ, අඬෝ වැඩියා ආදී දෝෂයන් දුරුකර දෙන සේක්‌වා. යම් හෙයකින් නවග්‍රහ මණ්‌ඩලයේ රවි - චන්ද්‍ර - කුජ - බුධ - ගුරු - ශුක්‍ර - ශනි - රාහු - කේතු යන නවග්‍රහයින් විසින් ඇති කරන්නා වූ යම් අපලයක්‌ වේ නම් ඒවාද දුරු කර දෙන සේක්‌වා.

මල්, පහන්, සුවඳදුම් පුදා පිං අනුමෝදන් කර කියා සිටින්නා වූ දුක්‌ ගැනවිලි දෙස දිව කන්යොමා අසා දිවැස්‌ දිෂ්ටියෙන් බලා සකල රෝග, සකල දෝෂ සකලෝපද්‍රවයන් නිවාරණය කර සකල කාර්යයන් සාර්ථක කරදී මාරක බාධක ඒර්ෂ්ටක, ග්‍රහදෝෂ, දුරුකරවා සර්ව ආරක්‍ෂාව ඇති කර සෞභාග්‍ය උදා කර දෙන සේක්‌වා.

සෞභාග්‍ය උදාකරන ශ්‍රී විෂ්ණු පංජරය

ශ්‍රී විෂ්ණු පංජරං දිව්‍යං - සර්ව රෝග නිවාරනං
උග්‍ර තේජං මහා වීර්යං - සර්ව ශාස්‌ත්‍ර නිකෘත්තනම් 
ත්‍රිපුරං දාන මානස්‍ය - හරස්‍ය බ්‍රාහ්මනෝ දිතම් 
තද හංසං ප්‍රචක්‌ශ්‍යාම් - ආත්ම රක්‍ෂා තරම් නෘතාම් 
පාදෝ රක්‍ෂතු ගෝවින්දෝ - ජංගේ චෛවත්‍රී වික්‍රමං 
ඌරුමේ කේෂවඃ පාතු - කටිං චෛව ජනාර්ධිහඃ
නාභි චෛවා ච්‍යංතඃ පාතු - ගුහ්යං චෛවතු වාමනං 
උදාරං පද්ම නාභශ්ච- පෘෂ්ඨං චෛවතු මාධවඃ 
වාම පාර්ශ්වං තථා විෂ්ණු - දක්‍ෂිණං මධු සූදනං 
බාහුං වාසු දේවශ්‍ය - හෘද දා මෝදරඃ තථා 
කණ්‌ඩං රක්‍ෂතු වාරාහං - කෘෂ්ණෂ්ව මුඛ මණ්‌ඩලං 
මාධවා කර්ණ මූලේතු - භෘෂි කේශෂ්ව නාසිකේ 
නේත්‍රේ නාරායනේ රක්‍ෂ - ලලාමං ගරූඩද්වජම් 
කපෝලෞ කේෂ චෞ රාක්‌ෂදී - වෛකුණ්‌ටඃ සර්වතෝදිෂම් -
ශ්‍රී වත්ස්‍යාං කශ්ව සංවර්ශා මඨගානං රක්‍ෂතෝ භවේත් 
පූර්වශ්‍යං පුණ්‌ඩරී තාක්‍ෂ - ආග්න්‍යං ශ්‍රී ඔරස්‌ථතා
දක්‍ෂිණෝ නෘතිංහංච - හෛසෘත්‍යං මාධවෝ චතු 
පුරුෂෝත්තමෝ මෙවණ්‍යාං - වාය ව්‍යාංච ජනාර්ධිනඃ 
ආපදෝ භරතේ හිත්‍යං - විෂ්ණු ස්‌තෝත්‍රාර්ථ සම්පදා 
යසත් විදං පටතේ ස්‌තෝත්‍රං - විෂ්ණු පංජර මුත්තමං 

(දිනපතා උදේ සවස ගායනා කිරීමෙන් නිවසේ ශ්‍රියාව ඇතිවේ)

ශ්‍රී විෂ්ණු දේව කන්නලව් කරන තවත් ක්‍රමයක්

සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්‌කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ වෛකුණ්‌ඨ පර්වතයෙහි ගුරුළු වාහනාරූඪව යහතින්ම ශ්‍රී ලංකාද්විපයත්, සම්බුධ ශාසනයත්, මුළු මහත් දඹදිවත්, ද්වීපසතරත්, දහඅට දේශයත්, සතරදේවාලයත්, දිවැස්‌ බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දේව දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස· අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ශ්‍රී ලබා ලෝක සත්වයාට සෙතත් ශාන්තියත් ලබාදී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ ශ්‍රී විෂ්ණු දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස (මා හට) මොහුට වැළඳී ඇත්තා වූ දේව දෝෂ, ඇස්‌වහ කටවහ, හදි හූනියමකින් ඇතිවූ සියලු දෝසාන්ධකාර දුරුකර දෙවා වදාරා මේ අසරණයාගේ පිනට පිහිට වී පින් ගන්න සේක්‌වායි· ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව්‍ය කර්ණයට වැටී දිව නෙතට පෙනී මොහුගේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ට කර දෙන සේක්‌වායි, ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා·.

පහන් තැබීම - පූජා පැවැත්වීම - 12.00 සිට 12.35 දක්‌වා නොයිඳුල් පොල්තෙල්, අලුත් මැටිපහන් නිල්මල් පලතුරු වර්ග පහක්‌ කැවිලි පස්‌ වර්ගයයි. කපුරු කට්‌ට කුමන්ජල්, පිණිදිය, කසපැන් 

ශ්‍රී විෂ්ණු දේව ස්‌තොත්‍ර

1. හෙරාමා පුරුෂොත්තමා හරහරි නාරායනා කෙශවාං
ගොවින්දා ගරුඬඬාජා ගුණනධිභූමොදරා මෘද වඃ හෙ ක්‍රිෂ්ණා කමලාපති සිවපති ශ්‍රීමාපති ශ්‍රී පති
ශ්‍රී වෛකුණ්‌ඨපති චරාමරපති ලක්‌ෂ්මීපති පාහි මං
ශ්‍රී ගොවින්ද පදාමෙහාජ- මධුනො මහදද්භූතම්
යත් පායිනො නමුඤ්චනති මුඤවාන්තියද පායිනං
ආනන්ද ගොවින්ද මුකුන්දරාම - නාරායනා නතන නිරාමයෙති
චක්‌තුංස මර්ථොපි නවක්‌ති කශ්වි -දභෝජනානං ව්‍යානානි මොක්‍ෂෙ

ක්‍රමය-

විෂ්ණු දෙවියන්ට පහන් තබා පූජා කොට ඉහත සඳහන් සතොත්‍ර කියා දෙවනු අදහස කියා දෙවියන්ට කන්නලව් කිරීම සුදුසුයි. මේ සියල්ලක්‌ම පිරිසිදුව කළ යුතුයි.

ශ්‍රී විෂ්ණු දෙවියන්ට සෙත් කවි

1. කරුණා හදකින් ලොව සනසන්නට
පුරනා බුදුකුරු දම් බැතියෙන් තුට
රමණා වේ සුරිදේ මෙගැතින් හට
රැගෙනා පින් සිරි සෙත් සලසන්නට 

2. මහමෙත පතුර සත වෙත සෙත සැදීමට
නිසි යුත පෙරුම් දම් සපුරන බුදු බවට
සිරිමත නිලග සුරිදේ මේ ගැතින් හට
යහපත සැපත සලසා සුරකින් සොදට



දුර්ගා දේවීය


දුර්ගාදේව පිදුම් කරමින්  තම සතුරු කරදර, උවදුරු හා කපා ඉවත් කරන්ට බැරි කොඩිවින දොaෂයන් බංගකර ඒරාෂ්ඨක මාරක ග්‍රහ අපල දුරුකර නිරෝගිබව ආයුෂ හා සෙත සැලසී සෞභාග්‍ය ළංකර ගැනීමට හැකිය

පූජාවන් පැවැත්වීමේදී පළමුව ඒ සඳහා වෙන්කළ ස්‌ථානයක උතුර, ඊශාන, නැගෙනහිර දෙස සුදු හඳුන් එලගොම, සහ මිශ්‍රකර කිලිවලින් පවිත්‍ර වීමට කිලිහරණය වීමට සැම තැනම ඉස අඩි තුනක්‌ උසැති මල් යහනාවන් හදා සුදු පිරුවටයක්‌ එලා ඇඹුල් කෙසෙල් දලු එලා නෑඹුල් කොතලයක්‌ ගෙන එයට අලුත් ළිඳකින් ජලය පුරවා බුලත් කොළ හතක්‌ නෙළුමක්‌ ආකාරයට තබා ඒ මත කවාකාරව සුදු කැකුලු හාල් හෝ තණ හාල් අතුරා කොතලය එහි තබා එය තුළට පුවක aමල්, පොල්මල් දමා පුන්කළසක්‌ ලෙස සකසා ඒ මත මුඩ්ඩ උඩට සිටින සේ පොල්ගෙඩියක්‌ ගෙන එහි තබා එහි මැද කහ, හඳුන් මිශ්‍ර තිලකයක්‌ තියා, තම නළලතද තිලකයක්‌ තියා තුල්සි කොළ හතක්‌, බෙලිකො හතක්‌ කොහොඹ කොළ හතක්‌ එකට අමුණා මල්මාලයක්‌ තනා මුට්‌ටිය කට වටේ පළඳවා ත්‍රිකෝණාකාරව ඊශ්වර, ගණේෂ මහේෂ්වරී වෙනුවෙන් අබ තෙල්, කොහොඹ තෙල්, එළඟිතෙල් පහන් තුනක්‌ දල්වා සුවඳ කූරු, සාම්බ්‍රානි, කපුරු දුම් ආදිය දල්වා සුවඳ දී මෙම මාන්ත්‍රය තුන්වරක්‌ කියවන්න. කපුරු පහනක්‌ දල්වා අතට ගෙන
"ඕම් කාර පංජර සුහිම් උබනිෂ්ෂදු දුක්‌යාන කේල කාල කන්ඩීම් ආහම පිපින මයුරීම් අයර්ය මන්දර් වීපාවයෙත් ගෞරීම්,
මෙය කියවා සුදු මල් ගෙන එක මල බැගින් දමන්න. මේ මන්ත්‍රය තුන්වරක්‌ හෝ හත් වරක්‌ කියන්න. මෙසේ දින නවයක්‌ කියවා පූජාසනයේ ඇති පොල් ගෙඩිය බිඳ කළයේ ජලය සමඟ මිශ්‍රකර හිස සිට දෙපතුල දක්‌වා ශරීරය දොaවනය කරන්න. නිවසෙහි භූමිය හැමතැන ඉසින්න. ඔබටත් ඔබ පවුලේ සැමටත් සියලු දුර්භාග්‍ය දුරුවී මහා ශාන්තියක්‌ සෙතක්‌ උදාවේ. තමාගේ භූමියේ ඇති කපන්නට බැරි කොඩිවින පුපුරා යයි යක්‍ෂ, භූත, අමනුෂ්‍ය මල පෙරේතයන් පලායයි. හිර බන්දන කටු ගැසීන්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, කැපීයයි. නපුරු මාරක ග්‍රහ අපල තුරංවෙයි. සතුරු කරදරවලට සතුරාගේ නම කහ කොළයේ ලියා දින නවයක්‌ පහනේ තබන්න. සතුරාගේ නම සිහිකර පොලය බිඳින්න. දඬුවම් ලැබේ.
දුර්ගා ජප මන්ත්‍රය
ඕම් මහේෂ්වරාය නමහ්
ඕම් ඊශ්වරාය නමහ්
ඕම් ඝණේෂාය නමහ්
ඕම් අත්ත ප්‍රණාය නමහ්
ඕම් අභයස්‌ ප්‍රදාය නමහ්
ඕම් දයා කර්ථ යෛ නමහ්
ඕම් කල්‍යානෙ යෛ නමහ්
ඕම් උමාදේවී යෛ නමහ්
ඕම් අජායෙ නමහ්
ඕම් අක්‍ෂා යෛ නමහ්
ඕම් අභයචක්‍ර පුදුයෛ නමහ්
ඕම් ත්‍රි පුර සුන්ද යෛ නමහ්
ඕම් මහා විද්‍යායයි නමහ්
ඕම් රාඡේශ යෛ නමහ්
ඕම් මහා ශක්‌ති යෛ නමහ්
ඕම් තිරුබා යෛ නමහ්
ඕම් කාමේශ්වරී යෛ නමහ්
ඕම් විජයා යෛ නමහ්
ඕම් හුවෙක්‌ත දුක්‌ක හරි යෛ නමහ්
ඕම් භවාත යෛ නමහ්
ඕම් සමනොතින් යෛ නමහ්
ඕම් ත්‍රිහුනා යෛ නමහ්
ඕම් දුර්ග්‍ය යෛ නමහ්
ඉහත සඳහන් පරිදි මෙය කියවා අවසානයේදී කපුරු පෙති දල්වා මෙය තෙවරක්‌ කියවන්න.
ඕම් ශ්‍රී ලලිඳු මහා ත්‍රි පුර සුන්දරී පරා පට්‌ටාරි හා ශ්‍රී පාදකම් පූජයාමි නම( තර්පයාං නම(
ඉන්පසු තම අදහස කාරණය කියා හිතා, මෙයද තෙවරක්‌ ගායනා කර නිමා කරන්න.
"ගාත් යානය විද් මහේ කන්‍යා කුමරී ධී මහී තත්නො දුර්කිප් ප්‍රවොද යාමී

මෙයින් ප්‍රතිඵල හරියටම ගන්න ගව මස්‌ කෑමෙන් වළකින්න. අධාර්මිකයන්ට පලත්තුත ධාර්මිකයන්ට ඵලක්‌ ඇතිවී සෙත සැලසේ.

.
ලක්දිව දෙවි දේවතාවෝ

දෙවියන් උදෙසා නිවැරදිව පහන් තබන වේලාවන්

දෙවියන් උදෙසා නිවැරදිව පහන් තබන වේලාවන් පහත දැක්‌වේ. එම නියමිත වේලාවට පහන් තැබීමෙන් එම පහන භාර ගන්නා දේව දිෂ්ඨිය හෝ යක්‍ෂ දිෂ්ඨිය පහත දැක්‌වේ.

සවස/ ගොම්මන බුදු පහන තබයි.

05.00 - 05.24 - ධර්ම දේවතා දිෂ්ඨිය

05.24 - 05.48 - මහා බ්‍රහ්ම දේව දිෂ්ඨිය


රාත්‍රී මූල යක්‌ෂ දිෂ්ඨි සඳහා පහන් තබයි

06.00 - 06.24 - මහ සොහොන් දිෂ්ඨිය

06.24 - 06.48 - ඊරි යක්‍ෂ දිෂ්ඨිය

06.48 - 07.12 - සූනියන් ඔඩ්ඩි යක්‍ෂ දිෂ්ඨිය

07.12 - 07.36 - කඩවර දිෂ්ඨිය

07.36 - 08.07 - කළුකුමාර දිෂ්ඨිය

08.07 - 08.24 - භද්‍රකාලි දිෂ්ඨිය

08.24 - 08.48 - මදන යක්‍ෂ දිෂ්ඨිය

08.48 - 09.12 - ගොපලු යක්‍ෂ දිෂ්ඨිය

09.12 - 09.36 - බහිරව දිෂ්ඨිය

09.36 - 10.01 - කොහොඹ යක්‍ෂ දිෂ්ඨිය


රාත්‍රී මැදයම දෙවි දේවාතාවුන් උදෙසා පහන් තබයි.

10.01 - 10.23 - ගම්භාර සූනියම් දේව දිෂ්ඨිය

10.23 - 10.47 - දැඩිමුණ්‌ඩ දේව දිෂ්ඨිය

10.47 - 11.36 - කතරගම දේව දිෂ්ඨිය

11.36 - 12.00 - සත්පත්තිනි දේව දිෂ්ඨිය

12.00 - 12.12 - සරස්‌වතී දේව දිෂ්ඨිය

12.12 - 12.24 - විෂ්ණු දේව දිෂ්ඨිය

12.24 - 12.36 - ඊශ්වර දේව දිෂ්ඨිය

12.36 - 01.00 - සතරවරම් දේව දිෂ්ඨිය

01.00 - 01.24 - සුමන සමන් දේව දිෂ්ඨිය

01.24 - 01.48 - විභීෂණ දේව දිෂ්ඨිය

01.48 - 02.00 - ශක්‍ර දේව දිෂ්ඨිය


පාන්දර හෙවත් අලුයම යක්‍ෂ හෝ දේව අජවරු සඳහා පහන් තබයි.

02.00 - 02.24 - නව ග්‍රහයන්

02.24 - 03.00 - යම රජ

03.00 - 03.24 - මරු

03.24 - 03.48 - මුහුදු මණි මේඛලා

03.48 - 04.00 - අසුර

04.00 - 04.24 - පංච ශිඛ

04.24 - 05.00 - චිත්‍රිනි මර දූති

05.00 - 05.24 - ධර්ම දේවතාවා

05.24 - 05.48 - මහා බ්‍රහ්ම

05.48 - 06.00 - සන්නි දේවාතාවා


මෙයට අමතරව,

04.30 - 06.00 දක්‌වා ලක්‍ෂ්මි දෙවියන්

06.12 - 06.24 දක්‌වා නාථ දෙවියන්

ඉහත පහන් තබන වේලාවන් දවසේ ඉර උදාව අනුව වෙනස්‌ විය යුතුය.

සවස 06.00 සිට 10.00 දක්‌වා දෙවියන් උදෙසා පහන් තැබීම සුදුසු නොවේ. එම පහන්වලට යක්‍ෂ දිෂ්ඨි බැල්ම හෙළයි. රාත්‍රී 10 පසු පහන් තැබීමෙන් දෙවියන්ගේ බැල්ම ලබාගත හැක. නමුත් මෙසේ සඳහන් කළද ඔබ සවස 06.00 සිට 10.00 අතර කාලයක දෙවියන් උදෙසා පහන් තැබුව අයෙක්‌ නම් මෙම ලිපිය බලා එම පහන් තැබූ වේලාව වෙනස්‌ නොකරන්න

කඩවර දෙවියන්ට පහන් තබන ආකාරය

කඩවර දෙවියන්ට පහන් තබන ආකාරය
කඩවර දෙවියන්ට පහන් දැල්වීමේදී නිවසින් පිට පහන් කණුවක් සාදා රත් මල් පොකුරක්, බුලත් විටක්, හඳුන් කූරු, එළඟි තෙල් මුසු පහනක් පුදා පිහිට ඉල්ලා සිටිය යුතුයි. අඟහරුවාදා දිනය මේ සඳහා වඩාත් සුදුසුයි. සවස හයට, රෑ දොළහට පහන දැල්වීම වඩාත් සුබදායකයි.

පහන බාරගත් යක්‍ෂ දිෂ්ඨිය අදාළ වේලාවේදී පහන බලාපොරොත්තු වන බැවිනි. වෙනස්‌ කළ විට ඔබට නොයෙකුත් කරදර වලට මුහුණ දීමට සිදුවේ. ඒ නිසා පහන තබන වේලාව වෙනස්‌ කිරීමට අවශ්‍ය නම් පහන අරමුණු කර තැබූ දෙවියන්ගේ දේවාලයකට ගොස්‌ කපු මහතාට විස්‌තර පවසා දේව කන්නලව්වක්‌ කර එය වෙනස්‌ කරන්න. හිතුමතේට වෙනස්‌ නොකරන්න. 

Image result for kadawara deviyo photos



වකුටු සිරස හැඩ ගවසා වකුටු නියන් මෙන් වැරසැර
වකුටු මූණ කට ඇද කර කාලා මස් බඩ ලොකු කර
වකුටු එනිය බොල්ලෑ දත් යකඩ කිලිය ගෙන අඬ හැර
වකුටු දෙදළකින් ඇනලා රීරි උරා බොන කඩවර

රන් අවුපත සුරතින් ගෙන සලති පවන් සිසිල් වෙන්ඩ
රන් චාමර සුරත දරා සිටිති සබෙන් තෙද වඩින්ඩ
හංස කිකිණි මිහිරි හඬින් සිට සබයට සෙත් පතන්ඩ
වංස තෙදැති කඩවර දෙවි සැනෙකින් පේනට වඩින්ඩ

කඩවර දිෂ්ටිය

කඩවර දිෂ්ටිය
කඩවර දෙවියන්ගේ පිහිට වඩාත් හොඳින් ලබා ගැනීමට හැකි තවත් බලගතු කඩවර දිෂ්ටියක් තිබෙනවා. මෙය " මුනිභද්‍ර කඩවර දිෂ්ටිය" ලෙස හඳුන්වනවා.
"ඕං හ්රීං මුනිභද්‍ර ඝටිකයෙන් චන්ද්‍ර සූර්ය විපුල කර විස්ත්‍රීෂ්ට කරවා ප්‍රභාවතිගේ කුසයෙන් උපන් දල කඩවර, සොහොන් කඩවර,තෙල් කඩවර , නිල් කඩවර, මල් කඩවර, ලේ කඩවර, රීරි කඩවර, පුළුටු කඩවර, සඳුන් කඩවර, අඳුන් කඩවර, ගොළු කඩවර, ගොපලු කඩවර, හැන්දෑ කඩවර,අලුයම් කඩවර,තොට කඩවර, පිස්සී කඩවර,කළු කඩවර, කුමාර කඩවර යන මෙකී කඩවර දේවතාවුන් ඇතුළුව සෙනෙවිරත්න කඩවර දේවතාවුන් වහන්සේ මේ නර ලොව කෙළි පිදේනි භාරගත් වරමින් අදත් මාගේ මන්ත්‍ර දිෂ්ටියට අහස වෙව්‍ලුවා වර වර පොළව දෙබෑ කර වර වර දිවයින් හතරේ කොදෙව් පන්සීයේ මෙර මුදුනේ හිමාල කූටේ සිටියත් සොහොන් කඩවර දේවතාවුන් වහන්සේ දිෂ්ටි වර වර ලේ දිෂ්ටි රීරි දිෂ්ටි පුළුටු දිෂ්ටි අනේක දිෂ්ටි නිධානෙක, සොහොනක නාරුක් බෝරුක් ඇසටු නුග පුෂ්පාරාම ඵලාරාම ආදී මෙකී තැනක නොසිට වර වර ගිනි බුද්ධ මාලාවෙන් දැපනේ කරවා සත් භාගේ දෙවොල් භාගේ කිරි අම්මාවරු සත් දෙනාගෙන් එන්ඩ වරම් "