CSS Drop Down Menu

Monday, July 16, 2018

හරියටම හරියන්න පොල් ගහන්නේ කොහොමද

හරියටම හරියන්න
පොල් ගහන්නේ කොහොමද ?
පොල් ගැහීම හරි ජනප්‍රියයි. සමහරු පොඩි දේටත් පොල් ගහනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළත් පොල් ගැහීම ජනප්‍රියයි. තමන් කැමති අය දිනවන්න, අකමැති අය පරාද කරන්න, සතුරන් ට දඬුවම් දෙන්න, බලාපොරොත්තු ඉෂ්ටකරගන්න, නඩු දිනන්න, රවට්ටලා ගිය අයට පාඩම් උගන්නන්න, දාලා ගිය අය ආපහු ගෙන්වා ගන්න පොල් ගහනවා. ඔය විදියට පොල් ගැහුවට බලාපොරොත්තු වෙන දේ ඒ විදියටම වෙනවද? එහෙම වෙන අවස්ථාත් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට අසාර්ථකයි. මෙහෙම වෙන්නෙ ඇයි? මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව නිවැරදිව පොල් ගහන්නේ කොහොමද කියලා බලමු.
පොල් ගහන්න සුදුසුම දවස් දෙක තමයි අඟහරුවාදා සහ සිකුරාදා. හොඳ වැඩ වලට පොල් ගහන ක්‍රමයයි නරක වැඩ වලට පොල් ගහන ක්‍රමයයි වෙනස්. හොඳ වැඩ කියන්නේ විභාග සමත් වෙන්න, රැකියා ලබාගන්න, ජයග්‍රහණය උදාකරගන්න, පවුලේ සමගිය ඇතිකරගන්න වගේ දේවල්. නරක වැඩ කියන්නේ සතුරන්ට දඬුවම් කිරීම, භේද භින්න කිරීම, වෙන් කිරීම, පරාජයට පත්කිරීම වගේ දේවල්.
හොඳ වැඩ වලට පොල් ගහන්නෙ විෂ්ණු, පත්තිනි, කතරගම, සමන්, විභීෂණ, ඊශ්වර ආදී දෙවියන් ඉදිරියේ යි. නරක වැඩ වලට පොල් ගහන්නේ කාලි, දුර්ගා, කඩවර, සූනියන්, දෙවොල් ආදී දෙවි දේවතාවුන් ඉදිරියේ යි.
පොල් ගැහීමේදී පොල් ගෙඩිය අතින් ගිලිහී යන ලෙස පොල් ගැහීම නිවැරදි ක්‍රමය නෙමෙයි. පොල් ගෙඩිය අතින් ගිලිහෙද්දී ශරීරයයි පොල් ගෙඩියයි අතර ආකර්ෂණ ශක්තිය බිඳ වැටෙනවා. පොල් ගෙඩිය අතේ තබාගෙනම ගැසීම නිවැරදි ක්‍රමයයි. ඒ වගේම මතක තබා ගත යුතු තවත් විශේෂ කාරණයක් තියෙනවා. හොඳ වැඩ වලට දකුණු අතිනුත් නරක වැඩ වලට වම් අතිනුත් පොල් ගැසිය යුතුයි.
යහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී පොල් ගෙඩියේ මුඩ්ඩ ඉවත් නොකර ගෙඩිය කහ දියෙන් සෝදා ගත යුතුයි. පොල් ගසන ස්ථානයේ ඊශාන දිශාවෙන් අබ තෙල් පහනක් දැල්විය යුතුයි. පොල් ගෙඩිය මත කපුරු පෙත්තක් දල්වා, තම අදහස දෙවියන් ඉදිරියේ පවසා, එය ඉටුකර දෙනමෙන් ඉල්ලා දකුණු අතින් පොල් ගෙඩිය ගැසිය යුතුයි. පොල් ගැසීමට පෙර පලතුරු පස් වර්ගයක් සමග පූජා වට්ටියක් දෙවියන්ට පිදිය යුතුයි.
අයහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී ගෙඩියේ මුඩ්ඩ ඉවත් කළ යුතුයි. දුර්ගා දේවි, සොහොන් කාලි, ගිනි කාලි, යම කාලි, ලේ කාලි වැනි දෙවඟනක් ඉදිරියේ පොල් ගැසීම වඩාත් සාර්ථක වේ. මේ සඳහා කුජ හෝරාව යොදා ගැනීමද වඩාත් යහපත් ය. මෙහිදී අමු පලතුරු වර්ග පහක් සහිත පූජා වට්ටියක් තැබිය යුතුයි. අමු ඇඹරැල්ල, අමු නෙල්ලි, අමු අන්නාසි, අමු අඹ, අමු නාරං ආදිය මේ සඳහා සුදුසුයි. දෙහි ගෙඩි තුනක් ගෙන ඒවා දෙකට කපා දෙහි බෑ පහක් ගෙන ඒවා අනිත් පිට හරවා ඒ මතට තෙල් යොදා කපු පුළුන් වැටි යොදා දැල්විය යුතුයි. දෙහි ගෙඩි හතක මාලයක්ද සාදා දෙවියන් ඉදිරියේ තැබිය යුතුයි. සතුරාගේ නමේ අකුරු දෙකෙන් බෙදීමට හැකි ලෙස ගළපා පොල් ගෙඩිය මත කුකුල් ලෙයින් ලිවිය යුතුයි.
මෙහිදී හෙළි කළ නොහැකි රහසක්ද තිබෙනවා. පොල් ගෙඩියේ ඇහි තුන විශේෂ ඖෂධ සංයෝගයකින් කළු කර ගතයුතුයි. ඖෂධ සංයෝගය කාලි ස්තොත්‍රයකින් ජීවම් කරගෙන එයින් තේ හැන්දක් කොහොඹ තෙල් පහනකට දමා එහි දැල්ලට ඇහි තුන අල්ලා කළු කර ගත යුතුයි.
අහවල් පුස්කොළ පොතින් හම්බ වුණා, පරම්පරාවෙ පොතක තිබුණා ආදී වශයෙන් නොයෙක් බොරු කියමින් ජනතාව මුලා කරන ව්‍යාජ මන්ත්‍ර කරුවන් ගහක් ගලක් ගානේ සිටින බැවින් ඇතැම් කරුණු හෙළි නොකරන බවත්, අත්‍යවශ්‍ය කාරණයකදී යම් කෙනෙකුට අවශ්‍යනම් පෞද්ගලිකව අසා දැනගත හැකි බවත් දන්වමි.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
මහේෂ් චතුරංග

1 comment: