CSS Drop Down Menu

Monday, July 16, 2018

ඉවරයක් නැතුව කරදර කරන සතුරො ඉන්නවා නම් කඩවර දෙවියන් ගෙන් පිහිට ඉල්ලන්න

ඉවරයක් නැතුව කරදර කරන සතුරො ඉන්නවා නම්
කඩවර දෙවියන් ගෙන් පිහිට ඉල්ලන්න.
සතුරු කරදර හේතුවෙන් දුකින් කල් ගෙවන අය මොන තරම් ඉන්නවද... කියන්න කෙනෙක් නැතුව, කරගන්න දෙයක් නැතුව ඉවසගෙන ඉන්න අය වගේම සතුරන් සමග ගැටෙන්න ගිහින් කරදර වැඩි කරගන්න අයත් ඉන්නවා. කොහොම වුණත් කපාගන්න,කොටාගන්න, වෙඩි තියාගන්න, බෝම්බ ගහගන්න යන්නෙ නැතුව දෙවියන් ගෙන් පිහිටක් ඉල්ලන එකේ වරදක් නෑ. කෙනෙක් ගේ දියුණුව සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි අය සමාජයේ ඕනැ තරම් ඉන්නවා.කෙනෙකුට නින්දා අපහාස කරලා සතුටු වෙන අයත් අනන්ත ඉන්නවා. ධනය, බලය, දේශපාලන සහයෝගය පාවිච්චි කරලා නිදහසේ සතුරුකම් කරන අයට විරුද්ධව නැගී සිටීම ලේසි පහසු නෑ. මේ වගේ අවස්ථාවලදි දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් ඇතැමුන් දේවාල, ගුරුකම් කරන ස්ථාන ආදී තැන්වලට යනවා. අසරණ වුණු අයගේ මුදලට විදින පින්වත් මෑණිවරු, යෝගිවරු, හිමිවරු එහෙමත් අඩුවක් නැතුව ඉන්නවා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ, වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වගේ ඔන්න ඉතින් දුකට පිහිටක් ඉල්ලන ගිය කෙනා තවත් අසරණ වෙනවා.
මේ කියන්න හදන්නේ අපේම දෙවි කෙනෙක් වූ කඩවර දෙවියන් ගෙන් පිහිට ලබාගන්නා ආකාරය යි. කඩවර දෙවියෙක් විදියට වගේම යක්ෂයෙක් විදියටත් හඳුන්වනවා. පුර පක්ෂයේදී දෙවියෙක් විදියටත් අව පක්ෂයේදී යක්ෂයෙක් විදියටත් පෙනී සිටින බව ඇතැම් දෙනා විශ්වාස කරනවා.කොහොම වුනත් කඩවර ගේ බලය ශක්තිය නම් බොහොම ඉහළ යි. ජිවත් වෙලා ඉන්න කාලෙදි යක්ෂ වැඩ කරන අය මරණින් පස්සෙත් බොහෝ වෙලාවට සැර පරුෂ බලපෑම් තමයි එල්ල කරන්නේ. අපේම රටේ රජරට පළාතේ ජිවත් වුණු කෙනෙක් තමයි කඩවර දෙවියො විදියට සැළකෙන්නේ. "සෙනෙවිරත්න කඩවර දෙවි හාමුදුරුවෝ " යන නාමයෙන් කඩවර යාතිකාවේ සඳහන් වෙනවා.
කඩවර කලා වැවේ ආරක්ෂකයෙක් විදියට කටයුතු කළ අයෙක් බව ට සැළකෙනවා. කලා වැවේ ජල මට්ටම දැන ගැනීම සඳහා මැටි භාජනයක් තබා තිබුණු බවත්, පිරිත් දේශනාවකට වැඩම කළ සංඝයා වහන්සේ නමක ගේ කුඩයක් වැදීම හේතුවෙන් එම භාජනය සිදුරු වූ බවත්, වැවේ ජලය උතුරා යන්නට පටන් ගත් විට කඩවර වැවට පැන දිවි නසාගත් බවත් ජනප්රවාදයේ සඳහන් වෙනවා. වෛරයෙන් මියගොස් බලවත් යක්ෂ ආත්මයක් ලබා ජනතාවට පිහිට වන බවට විශ්වාසයක් පවතිනවා. කඩවර භික්ෂූන් වහන්සේලා සමග ඇයි හොඳයියක් නැති දෙවි කෙනෙක් විදියට සැළකෙන්නෙත් ඔන්න ඔය හින්දයි.
ගම්මඩු, ගිනි මඩු,තොවිල්, ශාන්ති කර්ම ආදී කොයි කටයුත්තක දී වූවද කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව පිරිනැමීමට ඇඳුරන් අමතක කරන්නේ නෑ. එහෙමනම් කඩවර දෙවියෝ එසේ මෙසේ කෙනෙක් නොවන බව පැහැදිලියි. කඩවර දෙවියන්ගේ බලවත්කම පහත කාවින්ද පැහැදිලි වෙනවා.
මහ මුහුදේ රළ නවතා වෙරළ දිගට වැඩමවන්ඩ
අලුයම සත් පැයක් තියා කඩවර දෙවි වැඩමවන්ඩ
රන් කෙඳි ගෙතුවා විලසට හැඩ පළු පිට මැද හෙලන්ඩ
කන්ද සාමිට වත් බැරිය ගොටුව නොදී වළක්වන්ඩ
කඩවර දෙවියො හොඳට හොඳයි නරකට නරකයි. කඩවර ට පුද පූජා තියන කොට කලට වේලාවට වරද්දන්නෙ නැතුව තියන්න ඕනෑ. කඩවර දෙවියන්ට දිය යුතු දේවල් කලට වේලාවට දෙනවා නම් කඩවර දෙවියන්ගෙ පිහිටත් නූලට තිතට ලැබෙනවා.

No comments:

Post a Comment