CSS Drop Down Menu

Monday, July 16, 2018

ඔබ හරියටම නොදැන යන්ත්‍ර මන්ත්‍ර එක්ක සෙල්ලම් නොකරමු

ඔබ හරියටම නොදැන යන්ත්‍ර මන්ත්‍ර එක්ක සෙල්ලම් නොකරමු
බොහෝය.
නිවෙසට සහ ගෙහිමියන්ට ශාන්තියක් කිරීම උදෙසා නිවෙස තුළම හෝ වත්ත තුළම ඇස්වහ කටවහ දුරුවනු පිණිස දෙහි කපන අයුරු අප ඉතාමත් සුලබ දසුනක් ලෙස දැක ඇත. මෙය ඉතාමත් සාවද්‍ය ක්‍රියාවකි.
මිනිසකුගේ ශරීරයේ තුන්‍ෙදාස් කිපීමක් හෝ යක්ෂ භූතාදී අමනුෂ්‍යයන්ගෙන් එන හානියත් නිසා හෝ පැමිණෙන උවදුරු දුරු කිරීමට කරනු ලබන දෙහි කැපීම් වත්ත ඇතුළෙහි හෝ ගේ ඇතුළෙහි කිරීම සුදුසු නැත. එයට හේතුව නම් දෙහි කැපුම් තුළින් නිවෙසේ කවුරුන් හෝ පෙර දැමූ ආරක්ෂාවක් වී නම් එය බිඳී යන බැවිනි.
නමුත් නිවෙසේ හෝ වත්තේ හෝ ආරක්ෂාවක් නොමැති නම් දෙහි කැපීමෙන් කිසිදු ලෙස ආරක්ෂාවකට හෝ මොන යම් අයුරින් බලපෑමක් හෝ ඇති නොවේ.
එමෙන්ම ඇතැමුන් විසින් නිවෙස්වල බහිරව පූජාවන් සිදු කරනු ලබන ආකාරයන්ද වැරැදි සහගතය. තටුවලට පැමිණෙන නොයෙකුත් බහිරව ගණයා එම තටුවල බැඳී සිටින හෙයින් නිවෙසක හෝ වත්තක සිදුකරන බහිරව පූජාවන්වල සියලුම තටු තුම්මන්සලක හෝ ගසාගෙන යන ජලයකට දැමිය යුතුමයි.
එසේ නොමැතිව එම පූජා තටු නිවෙස වටේ හෝ වත්ත වටේ වැළලීම තුළින් බලාපොරොත්තු නොවූ කරදර විපත්වලට මුහුණදීමට ගෙහිමියාට සිදුවේ.
වින බන්ධන තිබේ නම් ඒවා කැපීම සඳහා අහු දෙහි පුහුල් කැපිය යුත්තේ නිවෙස හෝ වත්ත ආරක්ෂා කිරීමට යොදා ඇති ආරක්ෂා පූජා ද්‍රව්‍ය එම ස්ථානවලින් ඉවත් කළ පසුය. වින බන්ධන කපා නැවතත් එම ආරක්ෂාවන් නිවෙස, වත්ත සීමාවට ගෙන වැළලීම කළ යුතුය. නැතහොත් වින කපන විටදී ආරක්ෂාවේ බලයද බිඳී කැපී යයි.
එසේම ඇතැම් සේවාලාභීන් අතින් විවිධ යන්ත්‍ර මන්ත්‍ර තම නම නැකතට සාදාදීමට භාරදී ඒවා රැගෙන නොයෑම අදාළ සේවා ලාභියාට නොසිතූ කරදර විපත් පීඩාවකට ලක්වන කාරණයකි. ඔහුගේ හෝ ඇයගේ නමට නැකතට හදන ලද යන්ත්‍රය හෝ ඒ අදාළ පූජාව අඩුම තරමින් දින 21ක් ඇතුළතවත් අදාළ පුද්ගලයාගේ අතට පත් කළ යුතුය.
එම යන්ත්‍රය සකස් කරනු ලබන්නේ එම අදාළ පුද්ගලයාගේ නමට සහ එම පුද්ගලයාගේ උපන් නැකතට හෙයින් එම සකස් කරන ලද යන්ත්‍රය අදාළ ජන්මියාගේ ජීව ශක්තියේ කොටසක් වී ඇත. එම ජීව ශක්තියේ කොටසක් වූ යන්ත්‍රය, යන්ත්‍ර බල බන්ධනය කොට තැබුවත් එම අදාළ ජන්මියාට නොපැලඳුවහොත් එය ඔහුගේ නමට නැකතට සාදා ඇති නිසා විවිධ විපරීත ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. එබැවින් ගුරු ඇදුරන්ට භාර දෙන්නම් වාලේ යන්ත්‍ර භාර දී ඒවා මඟහැරීම ඔබ සිතන තරම් හොඳ දෙයක් නෙවෙයි.
එමෙන්ම සමහර ඇදුරන් කුඩා දරුවන්ටද දෙහි කපන ආකාරය අප දැක ඇත. කිසිම දිනක අවුරුදු 5න් පහළ දරුවන්ට මන්ත්‍ර උපයෝගී කරගනිමින් දෙහි කැපීම කිසිසේත් සුදුසු නැත. සමහරෙක් බුදුගුණ උපයෝගී කිරීම තුළින්ද දෙහි කපන නමුදු එයද අප අනුමත නොකරන්නෙමු. සුදුසුම දෙය නම් මන්ත්‍රයකින් හෝ යන්ත්‍රයකින් හෝ ගාථාවකින් හෝ සුදුසු තෙලක් හෝ නූලක් දැමීමයි.
එමෙන්ම නොයෙක් අස්ථි භග්නවලට ලක්වී ප්‍රතිකාර කරන අයටද දෙහි කැපීම නොකළ යුතු බව තරයේ අපි අවධාරණය කරන්නෙමු. එයට හේතුව අස්ථි භග්න වූ පුද්ගලයකු තවමත් ප්‍රතිකාර කරන අතරදී දෙහි කැපීමක් සිදු කළහොත් එම අස්ථිය බන්ධනය වීම ප්‍රමාද වන හෙයිනි.
යකඩ පිත්තල වැනි සුරවල යන්ත්‍රය දැමීමද නුසුදුසුය. ඇතැමුන් ශක්තිමත් බව නිසා හෝ අලංකාර බව නිසා හෝ සුදු යකඩ වැනි ලෝහමය යන්ත්‍ර කොපුවල යන්ත්‍ර දැම්මත් එය අදාළ යන්ත්‍රයේ හෝ අදාළ තෛලයේ බලය ශක්තිය පිටතට විහිදීමට බාධාවකි.
යන්ත්‍රයක් හෝ තෛලයක් පැලඳීමට සුදුසු වන්නේ පස්ලෝහයෙන් හෝ තඹ ලෝහයෙන් හෝ රන් හෝ රිදියෙන් කරනු ලැබූ යන්ත්‍ර කොපු තුළය.
යන්ත්‍ර පැලඳගත් අය විසින් සිදුකරනු ලබන තවත් වැරැදි දෙයක් වන්නේ ඇතැමුන් තම තමන් විසින් සිතූ පරිදි පාඩම් පරිදි විවිධ මන්ත්‍රවලින් තම යන්ත්‍රය ජීවම් කිරීමයි. යම්කිසි ඇදුරකු විසින් අදාළ යන්ත්‍රයට ගැළපෙන ඊට සුදුසු මන්ත්‍රයෙන් ජීවම් කොට එය නිමාකළ පසු විවිධ මන්ත්‍රවලින් එය පළඳවාගත් පුද්ගලයා සිතෙන පරිදි එහි බලය වැඩි කරගැනීමට යැයි සිතා මන්ත්‍ර මැතිරීම සුදුසු නැත. එම මන්ත්‍රය අදාළ යන්ත්‍රයට නොගැළපෙන්නක් වුවහොත් එයින් තමාට විවිධ ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.
නමුත් බුද්ධ ගාථාවලින් පිරිත්වලින් යන්ත්‍රයකට නැවත නැවත බලය දුන්නාට කිසිදු වරදක් සිදු නොවේ. එයින් වන්නේ යහපතක්ම පමණි.
මේ ආකාරයට මන්ත්‍ර ශාස්ත්‍රයේ විවිධ කරුණු සිදුකිරීමේදී ඒවා පිළිබඳ ඉතා කල්පනාකාරීව සහ බුද්ධිමත්ව සිතා බලා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඉතාම නිවැරැදි මන්ත්‍ර ක්‍රම තුළින් විපුල පල ප්‍රයෝජන ලබාගත හැකි සේම නොදැන සිදුකරන විවිධ ක්‍රියාවන් නිසා අනිෂ්ට වූ විපාකද ලැබීමට ඉඩ ඇති බව මතක තබාගෙන කටයුතු කළ යුතුව ඇත

1 comment:

  1. titanium teeth and habanero - TITanium-Arts
    The only exception is titanium band rings the habanero cerakote titanium with titanium build a different appearance than the titanium curling wand habanero. This is one of the titanium fat bike two varieties that have been certified as "true"

    ReplyDelete