CSS Drop Down Menu

Monday, July 16, 2018

ගණදෙවි ආශිර්වාද කවි

ගණදෙවි දෙවියන්ගෙන් පිහිට බලාපොරොත්තු වන ඔබ උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වා පිං අනුමෝදන්කර පහත සඳහන් ආශිර්වාද කවි ගායනාකර බලාපොරොත්තු ඉෂ්ටකර දෙන මෙන් භක්‌තිමත්ව ඉල්ලා සිටීමෙන් ඔබ පතන සහනය ළඟාකර ගැනීමට එය මහත් රුකුලක්‌ වනු ඇත.
අනන්ත වූ ශක්‌තිය ජීවය ඇති
නිර්ගුණ වනතර අපමණ ගුණ ඇති
තෙයාකාරයෙන් වෙසෙමින් බබළන
ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·
මේ මුළු ලෝකය නිර්මාණය විය
ජලයෙන් පහළව ඝනව පොළව විය
මහිමය බව සලකා මෙසියල්ලේ
ගණදෙවි නමදිමි පිහිටක්‌ මුව මැන ·
ගින්න, ජලය, ඉර, හඳ ආකාසය
සුළඟ යනාදිය ලොව පහලව ඇත
මහිමය බව සලකා මෙසියල්ලේ
ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·
අපා දෙපා සිවුපා තටු ඇති නැති
සත්වයො පහලව සිටිති මෙලෝකේ
මහිමය බව සලකමි මේ හැමගේ
ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·
දෙව්නර කින්නර අසුර යනාදී
අනේක සත්වග ලොව පහළව ඇත
මහිමය බව සලකා මේ සැමගේ
ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·
සසල නිසල හා සපණ නොපණ අය
අපමණ වස්‌තුන්ගෙන් ලොව ගහණය
මහිමය බව සලකා මෙ සියල්ලෙ
ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·
මෝක්‍ෂයට මග දකිනා ඥනය
මේ ලොව රිසි සැපතට ධන සම්පත්
අත්පත්කර දෙන දෙවි¹නන් වූ
ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·
දොම්නස දුරලන සොම්නස කැඳවන
නුවණ පහළකර නුවණ දිදුළවන
දුක දුරුකර සැප ලැබ දෙන දෙවි වූ
ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·
බැතිමත් වන අයහට ඔබ සරණය
නිතියෙන් පවතින එක රැකවරණය
සිප් නැණ නිති ලැබදෙන දෙවියන් වූ
ගණදෙවි නමදිමි පිහිටක්‌ වුව මැන ·

No comments:

Post a Comment