CSS Drop Down Menu

Monday, July 16, 2018

කුඩා මන්ත්‍ර දැහැන්ද

අත්දුටු කෙම්ක්‍රම
අත්දුටු කෙම්ක්‍රමං ‍කෙම් ක්‍රම මෙන්ම කුඩා මන්ත්‍ර දැහැන්ද උපයෝගී කරගෙන හදිසියේ ඇතිවන ලෙඩ රෝග උපද්‍රව ආදියෙන් මිදීමට හැකිය. එදිනෙදා ජීවිතයට උපකාර වන මේ කෙම් ක්‍රම හා දැහැන් මතක තබාගෙන ඉන් විපුල ඵල ලබාගන්න.
උගුරේ කටු හිරවුනාම.....
යක්ශ්‍රී කට්ටු සත්බෝධිතරම් ඉඳං දෝප්නහනතං සංගිලි පූට්ටු අඩංගුනල්.......
වතුර වීදුරුවකට මෙයින් 108 වරක් මතුරා බොන්ට දෙනු. කටු සහිත මාළු අනුභව කරන විට මෙය සිහිකර ගැනීමෙන් කටු නොදැවටෙයි.
සුව වීමට කල්යන තුවාලවලට....
. ඕං කාලි කාලි කාලී කඩකඩ කණඩලී සිද්ධි සිද්ධි ඒස්වාහඃ ......
පිරිසිදු තලතෙලට 108වර මතුරා තුවාලයට දැමීමෙන් ඉක්මනින් ගුණවෙයි..
බල්ලන් සපා කෑවිට.......
ඕං නයිනාරේ උඩුම් පොඩුම් පොඃ....
තල තෙලට 108 වරක් මතුරා කෑතැන එලනු නොතෙමනු.
බල්ලන් සපා නොකන්නට.......
තෝ දෙයිය කුක්කා නොකා නුඹුරා සිටු....
බල්ලා බුරා එනවිට මෙය මතුරමින් හෝ සිහි කරමින් කටහඩ අසුකර අසුර ගසනු.
බෝවන ලෙඩ ඇති නිවසට යනවිට.......
ඕං මූනි මහා මුනී ඊශ්වර මුනි මුනි මුනි ස්වාහඃ.........
ලෙඩ ගෙදරට යන විටමෙම දැහැණ සිහිකරමින් හෝ ලේන්සුවට 108 වරක් මතුරා ගැටයක් ගසා රැගෙන යාමෙන් ලෙඩ බෝ නොවෙයි.
සර්පයින්ගෙන් උවදුරු නොවීමට.........
අසර්ප සර්පන් භවතේරං නමඃ...
රාත්‍රියට ගමන් යනවිට සිහිකර යනු. සිහිකර කකුලට කෙලගසා යාමද හොදයි.
නුවණ වැඩීමට .......
නමෝ ශ්‍රී බුද්ධි ජය ජය ඒස්වාහඃ
මේ දැහැන නිතර නිතර සිහිකරනු. නුවණවැඩේ.
ශ්‍රියාව වැඩීමට.........
නමෝ ශ්‍රී ප්‍රියේස්වාහා
මෙයින් පිරිසිදු මී තෙලට 1000 වර මතුරා පවිත්‍ර තැනක පහන් දල්වනු. පහනේ තෙල් හිස හෝ නළල ගා යාමෙන් ගිය කාරිය ඉටුවෙයි. දෙවියන් පැහැදීමට පවිත්‍ර ස්ථානයක තනිව සිට ලක්ෂ වර මතුරනු.
ලාබ ලැබීමට.........
නමෝ සිද්ධ සීවලී මහා රාජා පඨවියා තෝමේව ආකාශේ උදකේනේ විසං හං සං තම්පිසාරේමි අජ්ජදිවසේ සබ්බ ලාබ උපතේතුමේ.
මෙම දැහැන උදය කාලයේ 7 වරක්ද සවස් කාලයේ(අජ්ජ වෙනුවට ස්වේ යොදනු) 7 වරක්ද සිහිකරන්නේනම් ලැබීමට හොදයි. පෙරාගත් වතුරට වීදුරුවකට සුදු මලක් දමා සීවලී පින්තූරයක් ඉදිරිපිට තබා එදෙස බලා 7 වරක් කීමවඩා හොදය.
අජීර්ණයෙන් සෑදෙන බඩේ කැක්කුමට..........
ඕං හ්‍රීං අඃ ... යන අකුරු බුලත් කොළයක ලියා එයින්ම 108ක් මතුරා කන්න දෙනු.යුෂ ඉවත නොදමනු.
මීට අමතරව දියුණුවට වාසනාවට පිහිටවන අති විශිෂ්ට මන්ත්‍ර
 විභාග සමත්වීමට
 පාඩම් මතක හිටීමට
 නඩුවලින් ජය ලැබීමට
 පින්වත් දරුවන් ලබාගැනීමට
 නපුරු මිනිසා වශි කිරීමට
මේ සදහා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළ යුතුය.

3 comments: