CSS Drop Down Menu

Monday, July 16, 2018

අනවින කොඩිවින හූනියම් නිවැරදිව කපන ආකාරය

අනවින කොඩිවින හූනියම් නිවැරදිව කපන ආකාරය 
කොඩිවිනයක්, අනවිනයක්, හූනියමක් නිවෙසකට බලපෑම් කිරීමේදී එම නිවෙස තුළින් පෙර නොදුටු විපර්යාසයන් රාශියක් මතුවේ. එනම් බිරිය සහ සැමියා නිතර නිතර අඬදබර කිරීම, පවුලේ පිරිස අසාමාන්‍ය ලෙස රෝගාතුර වීම, කොතෙක් සෙත් කළත් පලක් නොවීම, ධන විනාශය බහුලවීම, නිවෙස කොතෙක් අලංකාරව විසිතුරුව තබා ගැනීමට වෙහෙසුණත් යම්කිසි අන්ධකාර ගතියක් දැරීම යනාදී විනාශකාරී පෙරනිමිතිවල සංකේතය හදිහූනියමක් විය හැකිය.හූනියමක් යනු සොහොන් කාලි මෑණියන් මඟින් සිදුකරන පළි ගැසීමේ කෘෘරතර ක්‍රමවේදයකි. ඇතැම් අවස්ථාවල බිත්තර ජීවම් කර පළි ගැසීමට ඇතැමුන් පෙලැඹේ. ගම්මිරිස් ඇඹරීම, වැල් පැන්නුම්, රූප කැපුම්, කටු පැන්නුම්, සොහොන් අළු වැලලීම් යනාදී සෑම අංගයක්ම හූනියම් ගණයට අයත් වේ. මෙසේ කෘෘර පුද්ගලයන්ගේ හූනියම්වලට හසුවීම මඟින් හන්දිපත් කොරවීම්, අංශභාග රෝගයට ගොදුරුවීම් ආදී රෝගයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන් අපට නොයෙක් අවස්ථාවලදී හමුවී තිබේ.එවන් විපතකට පත්වූ කල්හි එම බන්ධනය කපා හැරීමට සුදුසු පියවර ගැනීමේ ආකාරය ඔබට පැවැසීමට අපි අදහස් කළෙමු. සෑම හූනියමක්ම සිදුකිරීමට පෙර අවසර ගන්නා දෙවි ලෙස ප්‍රචලිත වන්නේ ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ය. යක්‍ෂයන් රාශියකට අධිපතියා වන සූනියම් දෙවි මිහිපිට පය තබා ගමන් කිරීමට හැකි එකම දෙවියා ලෙසද ජනවහරේ ප්‍රචලිත මතයකි. එබැවින් හූනියම කැපීම සඳහා ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් නමින් විශේෂ ශාන්තිකර්මයක් පැවැත්විය යුතුය.
ශාන්තිකර්මය සිදුකළ යුත්තේ ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්, සූනියම් යක්‍ෂ දෙවියන්, රීරි යක්‍ෂ දෙවියන් සහ මහසෝන් දේවතාවා මුල්කොටගෙනයි. ශාන්තිකර්මය සවසක පටන්ගත යුතු අතර තුන්මං සමයමදී පසුදින අලුයම වන තුරු එය පැවැත්වීම මඟින් හූනියම කපාහළ හැකිය.ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තේ ගම්භාර සිද්ධ සූනියම් දේවතාවා නමින් ගැබ් 7කින් සමන්විත පිදේනියක් සකස් කිරීමයි.
තැඹිලි වතුරින් පිසින ලද කැකුළු හාල් බතක්, ව්‍යංජන හත් මාළුවක්, අල පස් වර්ගයක්, ගොඩ පස් වර්ගයක්, දියගොඩ මස්, බිත්තර, පලතුරු වට්ටියක්, කැවිලි ස්වල්පයක්, අඳුන්, සඳුන්, මල්, පුළුටු, පහන් ආදියෙන් සිද්ධ සූනියම් දෙවිඳුගේ පිදේනිය සකස් කරගත යුතුයි.
ප්‍රධාන පිදේනිය එලෙස සකස්කොට ගනිමින් රීරි දේවතාවාටත්, සොහොන් දේවතාවාටත්, කඩවර දේවතාවාටත් පිදේනි සකස් කොට (පෙර පිදේනියට තැබූ දේම තබන්න) ශාන්තිකර්මයට සුදුසු වාතාවරණය සකස් කර ගන්න. සුවඳ දුම් අල්ලා, කහ පැන් ඉස පළමුව බුදුන්, දහම්, සඟුන් නමැද ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ට අයත් පිදේනිය මත පොල් ගෙඩියක්ද තැන්පත් කොට පිළිවෙළින් පහන් සියල්ල දල්වා සමස්ත දේව මණ්ඩලය නමින් ආරාධනා ස්තෝත්‍ර ගායනා කරන්න. සූනියම් දෙවියන්ගේ පිදේනිය අසල කවි කෝල්මුර ගයා (ශබ්ද පූජා සහ සක් හඬ මැද) පිදේනිය පූජා කරන්න.සූනියම් දෙවිඳුට
"ඉරං ජනං වන මැද්දේ රං තුඹසක් වේවාඋරග නයින් සිරස දරා අසකු පිටින් ඒවාමිහිඟු ජලෙන් කලි පුද හැර බෝජනයට වාවාවඩිග කඩුව අතින් අරන් ඔඩ්ඩි රාජා වාවාසමන් විෂ්ණු නාථ දෙවිඳු අහසෙන් සකු වාවාවරෙන් ඔඩ්ඩි පුද ගන්නට අටකොනයෙන් වාවාකයි කොන්ඩුම් ඉදවාරුම් සඳුන් සුවඳ දෙමි වාවාවඩිග කඩුව අතින් රැගෙන ඔඩ්ඩි රාජා වාවා"

ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රි 12 පසුවූ විට රීරි යක්‍ෂ දේවතාවට අයත් පිදේනියේ පහන දල්වා කවි කෝල්මුර ශබ්ද පූජාව මැද ගායනා කොට පිදේනිය බාර කරන්න.
රීරි යක්‍ෂ දෙවිඳුට
"කයිරාෂ්ට දේශජ ලේ කාලි බිසව කුස මන නඳසිරි සක් මැද උපන් යකුනි තොපිමදසිරි යක්‍ෂයා එනවා ලකුණු දැනාබියෙන් බියට තද හොල්මන් කරයි දැනාරීරි යක්‍ෂයා එනවා ලකුණු දැනා"
රීරි යක්‍ෂයාට අයත් පිදේනිය පූජා කොට කඩවර දෙවියන් නමින් සකස් කරන ලද පිදේනියත් ශබ්ද පූජා මැද්දේ පූජා කරන්න.
කඩවර දෙවිඳුට
"සන්තානා අඩවියේ කඩවර මෙකාරියේඅෑත දුන්නොත් ‍ෙදාළ පිදේනියේකොන්ද පන් දහසයි කැටුව නව දහසයිකඩවර බතට එන්නෝ දෙදහසයිආඩි මරක්කල රටෙයි උපන්නේදෙමළ රජුන් හට ජාතක වන්නේබහුපතිනියගේ බඩෙයි උපන්නේකඩවර මේ සැටියටයි උපන්නේ"
එම පිදේනි සියල්ලම සමයම් කොට මහසොහොන් සමයමට අයත් පිදේනියද කැපකොට ශබ්ද පූජාවක් පැවැත්විය යුතුය.
මහසොහොන් සමයම
"යක්කමක් බලා උඩු ගුවනේ ඉන්නාඉක්මනක් වෙලා වටපිට බලන්නාතද මරු මහසොහොනා එන්නා"
සෑම පිදේනියක්ම බාරදීමෙන් අනතුරුව මල් බුලත් තට්ටුවක් සාදා අහු, දෙහි, අන්නාසි කපා හූනියම කපා හැරීමට කටයුතු කළ යුතුය.

1 comment:

  1. කෛකොන්ඩුම් ඉජ වාරුන් සදුන් සුවද පේවා...... ඔබතුමා රාජ ඔඩ්ඩිසද කුමාර ඔඩ්ඩිසද

    ReplyDelete