CSS Drop Down Menu

Monday, July 16, 2018

නිවැරදි ආකාරයට දෙහි කපන පිලිවෙල

සියලු දෝෂ භංග වන නිවැරදි ආකාරයට දෙහි කපන පිලිවෙල
හැටිදෙහි කැපීම යනු දෝෂ කැපීම' හෙවත් 'දෝෂ භංග කිරීමය. දෙහි කැපීම අපේ සිංහල ජාතික උරුමයක් තරමටම අපට හුරුපුරුදු දෙයකි. සෑම ප්‍රදේශයකම වාගේ 'දෙහි ටිකක් කපාගන්න' කෙනෙක් සිටී. බොහෝ විට පන්සලේ ස්වාමීන් වහන්සේ ළඟට ගොස් 'පිරිත් ටිකක්' කියවා ගන්නා තරමටම 'දෙහි ටිකක්' කපා ගන්නටද අපි පෙලැඹී සිටිමු. දෙහි කැපීම ගුප්ත විද්‍යාවේ ඉතාම සරල ක්‍රමයක් වුවත් එය ඉතාම ගැඹුරු ශිල්පයකි.
'දෙහි කැපීම' කෙසේ සිදුකළ යුතුද? එයින් ලැබෙන ප්‍රතිඵල මොනවාද යන්න බොහෝ දෙනා දන්නා දෙයක් වුවත්, දෙහි කැපීම පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීමට අවස්ථා අඩුය.යම් දෝෂයක් ඇතිවූ විට ජෝතිෂය මහතා හෝ ගුප්ත විද්‍යාව පිළිබඳ මහතෙක් දෙහි ගෙඩි කිහිපයක් ගෙන්වාගෙන යම්කිසි මන්ත්‍රයකින් ජීවම් කොට එම දෙහි ගෙඩි ආතුරයාට කපයි. එය 'දෙහි කැපීම' ලෙස හැඳින් වුවත් මේ සඳහා යොදා ගනු ලබන වැඩපිළිවෙළ විශාලය. ඇස්වහ, කටවහ දෝෂ භංග කිරීමට හෝ භූත දෝෂ නැති කිරීමට දෙහි කැපීම සිදුකරතත් ඒ අවස්ථා දෙකේදී යොදාගනු ලබන ක්‍රමවේදයන් වෙනස්ය. දෙහි කැපීම ඉතාම පහසු සහ සරල ලෙස පෙනුණද ගැඹුරු ශිල්පයකි. පළමුවෙන් දෙහි කැපීම සඳහා තෝරාගත යුතු දෙහි ගෙඩි සංඛ්‍යාව සහ දෙහිවල ස්වරූපය සොයා බැලිය යුතුය.දෙහි ගෙඩි හතක් (7), දහහතරක් (14), විසිඑකක් (21) වැනි 'හතේ' සංඛ්‍යාවක් ඊට යොදා ගැනේ. එහෙත් ගෘහ ආරක්‍ෂාවක් හෝ භූමි ආරක්‍ෂාවක් සඳහා මෙසේ සංඛ්‍යාවක් තීරණය කළ නොහැක්කේ යම් දෝෂයක් පවතී නම් එය අවසන් වන තුරුම දෙහි කැපීම සිදුකළ යුතු නිසාය. එසේම මේ කැපීමට තෝරාගත යුත්තේ ඉදුණු හෝ පැසුණු දෙහි නොව 'පැඟිරි දෙහි' හෙවත් දෙහි ගැටයි.
යම් යම් අවස්ථාවලදී එක නටුවේ දෙහි ගෙඩි තුනක් (3), පහක් (5), හතක් (7) ලෙස දෙහි කැපීමට යොදා ගැනීමද සිදුවේ. එසේම දෙහි කැපීමට පෙර එම දෙහි 'ජීවම්' කිරීම වැදගත්ය. ඇස්වහ, කටවහ අවස්ථාවලදී දෙහි ගෙඩියෙන් ගෙඩිය මතුරා දෙහි කැපීම සිදුකළත් භූත දෝෂ, අනවින කොඩිවින දෝෂ අවස්ථාවලදී 'මල් බුලත්' තටුවක් සාදා පළමුව ආරක්‍ෂක මන්ත්‍රවලින් එම දෙහි ජීවම් කර ඉන්පසු එකින් එක මන්ත්‍ර ජප කරමින් ආතුරයාට දෙහි කැපීම හෝ අදාළ ස්ථානයට දෙහි කැපීම සිදුකළ යුතුය.තනි පුද්ගලයකුට සිදුවී ඇති දෝෂ තත්ත්වයකට ජලනන්දන පිරිත හෝ ඇස්වහ නැති කිරීමට අදාළ මන්ත්‍රයකින් හෝ මතුරා දෙහි කැපීමත් තත්ත්වය ඊට වඩා වෙනස් නම් 'කාලි වඩිග ශ්‍රී නාරායන අලගුව, මහසොහොන් අලගුව, සරස්වතී අලගුව' වැනි මන්ත්‍ර යොදාගැනීමටත් සිදුවේ. එසේම ඇතැම් අවස්ථාවලදී 'ජලනන්දන පිරිත, නීචකුල බන්ධනය' වැනි දේවලින් යම් යම් දෝෂ සඳහා දෙහි කැපීම සිදුකළ යුතුය. ඒවා පිළිබඳ අවබෝධය එම දෙහි කැපීම සිදුකරන ගුප්ත විද්‍යා මහතා සතුව පවතී.දෙහි කැපීමේදී ආතුරයාට වැලැඳී තිබෙන යම් දෝෂයක් ඇත්නම් ඒ දෝෂය ඉවත් වූයේද නැද්ද යන්න ඇදුරාට දැනගත හැකිය. ඇතැම් අවස්ථාවල දෙහි ගෙඩිය ඇතුළත රතුපාට වීම හෝ කළුපාට වීමක් පෙන්නුම් කරතත් ඊට වඩා පහසුවෙන් දොස් කැපීයන ආකාරය දැනගැනීමට හැකිය. ඒ දැනගැනීම සඳහා කරනු ලබන්නේ දෙහි බිම නොදා ජල බඳුනකට දැමීමයි. එහිදී දෙහි පළුවලින් දෝෂ පවතින බව හෝ දෝෂ ඉවත් වන බව දැකගත හැකිය. මෙසේ කපා ඉවත් කරනු ලබන දෙහි, දෙහි කපන ගුප්ත විද්‍යා මහතා හැර අනෙක් අය ඇල්ලීම, පෑගීම ආදිය නුසුදුසුය.
දෙහි කැපීම පිළිබඳ පැරැණි ග්‍රන්ථයකින් උපුටාගත් පද්‍ය කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
දෙරණත විස වැදී - මිහිකත නටා නද දීපැළපත දැක සැදී - ගියේ සිවු අතට අතු විහිදීඉසිවර පෙර බසේ - දෙසි ලොව උපත මෙලෙසේරුසිවර ඔඩ්ඩි සේ - දෙසි ගෙනත් වින කපපුව සතොසේනයි කඳ සේ යස කඳ දිලිසෙන්නේනයි කටු සේ කටු උල්ව සැදෙන්නේනයි පෙණ සේ කොළපත දිලිසෙන්නේනයි බිජු සේ රුව ගෙඩි හටගන්නේහරින්නට සියලු පිරිවර පෙර පැවැතීතනන්නට නානු පළමුව එකක් ගතීතබන්නට පියුම් පිට දෙහි සතක් ගතීඑතැන් සිට සියලු අනවින කපාලතී
දෙහි ගෙඩියේ උපත සහ එම දෙහි ගෙඩි රෝගියාට කපා ඉවත් කිරීම පිළිබඳත් ඉන් ලැබෙන ගුණ පිළිබඳත් එම ග්‍රන්ථයේ විස්තර වේ.ඇතැම් අවස්ථාවල දෙහි ගෙඩි වෙනුවට වෙනත් ආදේශක යොදා ගැනේ. සෑම දෝෂයක්ම දෙහි ගෙඩිවලින් කපා අවසන් කළ නොහැකිය. දෙහි ගෙඩිවලින් ඉවත් කළ හැකි දෝෂ සඳහා දෙහි යොදාගන්නා අතර ඊට වඩා වැඩි බලයක් ලබාදීම සඳහා 'යකි නාරං' හෙවත් 'යක් නාරං' යොදාගැනීමද තවත් අවස්ථාවක අහු ගෙඩි යොදාගැනීමද ඊටත් වඩා බලවත් නම් අළුපුහුල් කැපීමද සිදුවේ.
අහුගෙඩි කැපීම අපහසු දෙයකි.ඊට හේතුව අහුගෙඩි සොයාගැනීමට ඇති අපහසුව සහ අහුගෙඩි උදයේ නෙලූ විට සවස් වන විට ඒවා 'කුණු' වීමය. අළුපුහුල් කැපීම ඊළඟ පියවරය. අළුපුහුල් ගෙඩි කැපීමට තෝරා ගැනීමේදී ඒවා අහුලා බිම (පොළොවේ) නොගෑවුණු එකක් වීම වැදගත්ය. එසේම පුහුල් ගෙඩියේ නටුව පුහුල් වැලෙන් වෙන් කිරීමේදී ආයුධ භාවිත නොකොට කඩා ඉවත් කළ යුතු වීමද වැදගත්ය. ඒ නිසාම භූත දෝෂ ආදිය ඉවත් කිරීමේදී පලඳින යන්ත්‍ර පැලැඳගත් පසු අළුපුහුල් ආහාරයට නොගත යුතු යැයි පැවැසේ. අළු පුහුල්වලට පසුව එනම් අවසාන පියවර ලෙස යක්‍ෂ දෝෂ ආදිය ඉවත් කිරීමට 'කුකුළු බිලි' පූජා පැවැත්වේ. මෙය අනුමත කළ නොහැකි නමුත් අතීතයේ මෙය ජනප්‍රියව පැවැති බවට සාධක ඇත.
දැනුදු නිධන් වස්තු හාරන අවස්ථාවල කුකුළු බිලි දී තිබූ බව ජනමාධ්‍ය තුළින් දැකගත හැකිය.එසේම මෙම දෙහි කැපීමේදී දෙහි ගෙඩිය ආතුරයාගේ ශරීරයේ ස්පර්ශ වන සේ එය පවත්වාගෙන යායුතු වුවද ප්‍රායෝගිකව ගැටලුවක් වේ. එනම් කාන්තාවකගේ ශරීරයේ දෙහි ගෙඩි ස්පර්ශ කිරීම සදාචාරාත්මක නොවීමත්, ඊට අනුබල නොලැබීමත්ය. ඒ නිසා බොහෝවිට දෙහි ගෙඩිය ගිරයක රඳවා එම ගිරය ශරීරයේ ස්පර්ශ වන සේ ගෙනයා යුතුය. දෙහි කැපීමේදී හිස මුදුන සිට දෙපතුල දක්වාම සිදුකළ යුතුය. දෙහි කැපීමේදී ඇතැම් අවස්ථාවල සියලු දෙහි එකවර ජීවම් කොට ගන්නා අතර ඇතැම් අවස්ථාවල දෙහි ගෙඩියෙන් ගෙඩිය ජීවම් කළ යුතු වන්නේය. දෙහි කැපීමේදී විවිධ මන්ත්‍ර ඇත. අවස්ථානුකූලව ඒවා යොදාගනු ලැබේ.
එසේම 'කිලි' ගෙවල්වල ගිය පසුව නැවැත නිවෙසට පැමිණෙන විට කහ සමඟ දෙහි ගෙඩියක් ශරීරයේ අතුල්ලා ස්නානය කිරීමෙන් 'කිලි' පහවන බවද පැහැදිලිය.
අනුනට දෙහි කැපීමට වඩා තමාට දෙහි කපාගැනීම වැදගත් බව පැහැදිලිය.

2 comments:

  1. දිවිකුරු බන්දනයක් කපන මන්ත්‍රයක්,නැති ද

    ReplyDelete
  2. දිවිකුරු බන්දනයක් කපන මන්ත්‍ර නැති ද

    ReplyDelete