CSS Drop Down Menu

Monday, July 16, 2018

කඩවර ගොටුව

කඩවර ගොටුව.
දෙවොල් ශාන්ති කර්ම, තොවිල්, මුරුතැන් මංගල්‍ය ආදී සෑම කටයුත්තකදී ම කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව කැප කිරීම සිදු කරනවා. කඩවර ගොටුව පුදා සතුරන්ට දඬුවම් ඉල්ලීමෙන් සතුරන්ට බරපතළ දඬුවම් ලැබෙනවා.
කඩවර ගොටුවට ඇතුළත් විය යුතු දේවල්.
රතු බතක්, හත් මාළුව, පුළුටු,ගොඩ දිය මස්,කැවුම්, කෙසෙල්, බුලත්, බුලත් විටක්,කංසා,අබිං, රා, අරක්කු,සුරුට්ටු, අඳුන්, සඳුන්,ලේ,රීරි, තැඹිලි ගෙඩියක්,බැදපු බිත්තරයක්, විලක්කුවක්,හඳුන් කූරු. මේ දේවල් ගොටුවේ තබා උස තුන් දෙබලක තැබිය යුතුයි. සෙසු දෙවිවරුන්ට,යක්ෂ ප්රේතාදීන්ට දොළ පිදේනි කැප කිරීමට පළමුවෙන් කඩවර දෙවියන්ට කඩවර ගොටුව කැප කර අලුයම එළිය වැටීමට පෙර ගොටුව වත්තෙන් පිටමං කිරීම නිවැරදි පිළිවෙත යි.
කඩවර මොනවාගේ අයෙක් දැයි කඩවර ගොටුවට තබන පුද වලින්ම ඔබට වටහා ගන්න පුළුවන්.

No comments:

Post a Comment